IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරින් ගැබිනි මව ඇතුළු 4ක් රෝහලේ

(ප්‍රදීප් කුමාර කුලරත්න)


වෙසක් සිරි නරඹා නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් ත්‍රී  රථයක් අද (07) හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේදී පෙරළී යාමෙන් එහි ගමන් ගත් ගැබිනි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම  මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කහතුඩුව පොලිසිය පවසයි .

මෙසේ රෝහල් ගත කර ඇත්තේ කිරිවත්තුඩුව තලගල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ අඹු සැමි යුවලක් හා එම කාන්තාවගේ මව ,  සොහොයුරියන් දෙදෙනෙකු බව පොලිසිය කියයි .

මොවුන් ඊයේ ( 06 ) සවස නිවසේ ත්‍රිරෝද රථයෙන් බෞද්ධාලෝක මාවත ඇතුළු කොළඹ අවට වෙසක් සිරි නැරඹීම සඳහා නිවසින් ගොස් ඇති අතර පසුව එය අවසන් වී නිවසට එමින් සිටියදී අලුයම 2.30 පමණ කිරිවත්තුඩුව අඹගස් හන්දිය ආසන්නයේ පිහිටි පල්ලමේ දී රියදුරුට නින්ද යාමෙන් මාර්ගයෙන් ඉවතට පැන  විරුද්ධ මංතීරුව  අසල ඉදිකර තිබූ විදුලි කණුවක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් එහි ගමන් ගත් ගැබිනි කාන්තාව සිහිසුන් ව සිට ඇති අතර පසුව එම මාර්ගයෙන් කොළඹ දෙසට ගමන් කරමින් තිබු වෑන් රථයක රියදුරු අනතුර දැක පසුව ප්‍රතිකාර සඳහා  හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූවන් අතර ගැබිනි කාන්තාව ඇතුළු  දෙනකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

අනතුරෙන් ත්‍රිරෝද රථයට ද හානි සිදුව තිබේ.



අදහස් (0)

රිය අනතුරින් ගැබිනි මව ඇතුළු 4ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site