
( සිතුම් චතුරංග)
යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය,අලිමංකඩ ප්‍රදේශයේදී බස්රථයක් වෑන් රථයක ගැටී අද(24) උදෑසන සිදුවූ අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තවත් අටදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට අැතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.
අනතුරින් මියගොස් අැත්තේ යාපනය පදිංචි මාර්ස්ලෙස්ලි කතිරිනා තිරුචෙල්වම් නැමති 50 හැවිරිදි කාන්තාවකි.
යාපනය සිට මහනුවර බලා ධාවනය වු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොස් නැවත යාපනය වෙත ගමන්ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
බස් රථයේ අධික වේගයෙන් වෙගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ සිටි ගවයින් රංචුවක ගැටීමෙන් අනතුරුව ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටී අැති අතර බස්රථයේ ගැටී ගවයින් අටදෙනකුද ජීවිතක්ෂයට පත්ව අැති බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු හරක් ටික
ඉස්සර මම අහපු කථාවක් තියෙනව, "ගොං පස්සෙන් - බලු හොම්බෙන්" කියල. ගවයෙක් පාර හරහ යද්දි ඌව ඉස්සර කරන්ඩ ඕනෙ ඌට පිටිපස්සෙන් ලු. මොකද ගවය ආපහු හැරෙන සම්භාවිතාවය ඉතාම අඩුයි ලු. කොහොම නමුත් මෙච්චර කෙලින් පාරක, හොඳට පෙනෙද්දි, හරක් රංචුවක් ඉදිරියෙන් ඉන්නව බස් එකේ ගවය දැකල නෑ.. අමු ගවයෙක්..