( රංජිත් රාජපක්ෂ)
ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් ගමන් ගත් මොටර් රථයක් අද (17) අනතුරට පත් විමෙන් මොටර් රථයේ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහලට ඇතුලු කළ බව පොලීසිය කියයි.
අද (17) දහවල් මෙම අනතුර සිදු වි ඇත්තේ මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් ප්‍රදේශයේදිය.
ශ්‍රි පාද වන්දනාව අවසන් කර ආපසු පේරාදෙණිය දක්වා මොටර් රථය ධාවනය කරවන අවස්තාවේ මොටර් රථයේ රියදුරාට නින්ද ගොස් මොටර් රථය රියදුරු පාලනයෙන් මිදි ඉදිරියට ධාවනය වි මාර්ගය අභියස පිහිටි අධි බලැති විදුලි කණුවක ගැටි මෙම අනතුර සිදු වි ඇත.
මොටර් රථය අනතුරට පත්වන අවස්තාවේ මොටර් රථය තුළ සිව්දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය කියයි.
මොටර් රථය විදුලි කණුවේ ගැටිමත් සමග විදුලි කණුව ප්‍රධාන මාර්ගයට කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු විනාඩි 30 පමණ ඇණ හිට තිබුණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රිය අනතුරින් 3ක් රෝහලේ