
(බිමල් ශ්‍යාමන් ජයසිංහ,හිරාන් ප්‍රියංකර සහ විමුක්ති එස් රුද්‍රිගු)
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇතැයි රාගම රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් මෝටර් රථය කන්ටේනරයකට ඉස්සර කිරීමට යාමේදි මෝටර් රථයේ වම් පැත්ත එහි ගැනිමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා බරපතල තුවාල ලබා රාගම රෝහලට රැගෙන ගොස් ඇත. ඒ වන විට රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂකය මියගොස් සිටි බව වාර්තා වේ.
අද අලුයම 1.00 පමණ මෙම අනතුර සිදුව තිබේ. අනතුරත් සම රාජ්‍ය අමාත්‍යවරයා සහ තුවලකුරුවන් රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
-----------------------------------------------
(හිරාන් ප්‍රියංකර ජයසිංහ, බිමල් ශ්‍යාමන් ජයසිංහ, විමුක්ති එස් රුද්‍රිගු)
කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි තහවුරු නොවු පුවත් වාර්තා කරයි.
අධිවේගී මාර්ගයේ ධාවනය වූ රාජ්‍ය අමාත්‍ය වරයා ගමන් ගත් වාහනය කන්ටේනරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද වාර්තා වේ. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි


ඡායා එච්.චන්දන



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ ආරංචියක්ද ?
ඔහුව බේරා ගැනීමට පැමිණෙන වෛද්‍යවරුන්ට තොප්පි ඉවත් කරන්න...
අහිංසක මිනිසුන්ගේ ජිවිත සමග සෙල්ලම් කළ කොයි පාහරයටත් අත්වන්නේ මෙවන් ඉරණමකි.අපා ගත ෙව්වා
මැරුණ නිසා වැඩි මොනවත් කියන්න බැහැ. ඒත් මේ අනතුරේ ඵලය, බැට කාපු අයගේ බලාපොරොත්තුවක් ඉෂ්ට කලා කියල හිතනවා. වෙන මොනවා කියන්නද?
ස්වභාවධර්මය නඩු ඇසීම අරඹා ඇත.
ලංකාවේ දුප්පත් පවුලක නැවත ඉපදේවා !
තාම දෙවියෝ ඉන්නවා කියලා විශ්වාස කරන්න පුළුවන්
ගහලා හිරේ යන්න හිටපු උන්නැහේ නේද මාරයාගෙන්ම ගුටි කාලා යන්න ගියේ. මතු සසරේදී බුද්ධිමතෙක් වෙලා ඉපදේවා! සසරක හැටි!
එකෙක් මලා ඔන්න. තව ඉන්නව රටේ දරුවන්ට අනාගතයක් නැති කරපු කාලකන්නි ඔක්කොම මැරෙන්න ඕනෙ
පහන නිවෙන්න යනකෙට දැල්ල දඟලනවා වැඩියි.
මේ වගේ කන්ටේනර් අනතුරු වලින් ජනතා ව මරනයට පත් වුනාද. නඩේ එකෙක් ඒ ගැන කතා කෙරුවේ නැහැ දැන් කඩිනමින්. පටන් ගනියි කන්ටෙනර් යන්න වෙනම මාර්ගයක්. හදන්න. මොන එහෙකටද ආරක්ශකයෝ රියදුරු ලා. මේ කට්ටියට තමන්ගෙ වාහනෙ පදවන්න දන්නෙ නැතිනම්. ඒවා නොගෙන ඉන්න. කොහොමත් කස්ටියගේ සැප තව ටික දවස්‍යි
හොඳට කළා
දැල්ල නිවෙන්න තමයි වැඩියෙන් පත්තු උනේ .කල කල දේ පල පල දේ කියන්නේ මේවට තමයි
මිනිසකු හදිසියේ මිය යාම තවත් මිනිසකුට දුක සහ කනගාටුව ඇති වන කරුනකි. අරගලයේ සිටි අයකු ලෙස මා ද ඔහු වෙනුවෙන් දුක සහ කනගාටුව හදවතින්ම පුද කරමි. ඔහු මීට දින කිහිපයකට කලින් අරගලයේ සිටිඅපට සලකන්න අවශ්‍යය යැයි මොර හඩින් මයිෆෝනය ඉදිරිපිට කෑගැසු අයෙකි. කොල්ලො ඔහු නිවන් සුව පැතුවෝය. ඔහුගේ මැරකම් චන්ඩිකම් සහ වාචාලකම් ජිවිතය තිබෙන තුරු පමනක් යැයි ඔහු කාවදාවත් සිතුවාදැයි මට ඇත්තේ සැකයකි.මන්ද ඔහු බලයෙන් උමතුව කිුයා කල අයෙකි.
එක අපතයෙක් ඉවරයි . ඔය පටන් ගැන්ම .
ඔහු කවරෙකු වුවද දැන් මියගොස්ය. ඔවුන් කල කී දේ පමණක් රැගෙන යන්නට ඇත. දැන් ඔහු විවේචනයට හෝ මියයාම ගැන සතුටුවීමට නොසිතන්න. මක්නිසාද යත් ඔබත්, මාත් යම් දිනක මේ ඉරණමට ගොදුරුවනු ඇත.
ජීවිතේ ස්වභාවය තේරුම් අරන් ජීවත්ව සිටින කාලයේ යහපත් පිළිවෙලට ජීවත් වෙමු
නිවන් සැප ලැබේවා
ලෝකයේ අනෙක් රටවල භාණ්ඩ ප්‍රවාහනය සිදුවන්නේ දුම්රියෙන්. ඒ නිසාම ඩීසල් මිල අත්‍යවශ්‍ය හාන්ඩ මිලට බල පාන්නේ නැත. ලංකාවේ දුම්රියෙන් හාන්ඩ ප්‍රවාහනය සිදු නොවන්නේ දේශපාලඥ්ඥයන්ගේම වරදිනි. මොහුට නිවන් සුව ලැබේවා !!!
ජය වෙවා
කුරා කුඹියෙකුටවත් වරදක් නොකළ අයටමයි මේවා වෙන්නේ
මේ අවස්ථාවේ එක දෙයක් පමණක් ලියමි .දෙවියන්ට ස්තුති වේවා
මීට පස්සෙ ලයිට් බිල් ගෙවන්නෙ මොකාද ?????????????????????????
දිට්ඨධම්මවේදනීය කර්මය ඵල දීලා
රනිල් රාජපක්ෂලාගේ පෙර නිමිති
නොසැලකිලිමත් රිය පැදවීම.මොහුට නිවන් සුව ලැබේවා
හරි අපරාධයක් !!! කොච්චර වටින වාහනයක්ද මේ කුඩු වෙලා තියෙන්නේ.
යමෙක් කරන සියල්ල නැවත තමන් දෙසටම ආපසු කැරකෙන බව කර්මය පවසයි.කෙනෙක්ගෙ මරණය වෙනුවෙන් උදම් ඇනීමෙ පහත් මනසක් මට නැත.නමුත් මොහුගෙ මරණය දිට්ටධම්මවේදනීය කර්මය නොවේද? රටක් විනාස කල පල් හොරු රැළක් වෙනුවෙන් විරුද්ධවාදීන් තලා පෙලා ගෙවල් ගිනිතිබ්බෙ මෙයා.මැර බලය චන්ඩිකම් සියල්ල කලේ කාලකන්නි දේශපාලන බලය වෙනුවෙන්..මොහුගෙ ඒ සියලු ක්‍රියාවක් දෙස රටක් බලා සිටියේ නීතියද ඔහුගේම පිහිටට ආව නිසා අසරණව.මේ නිසාම කනගාටුවක් නැත
තව ටිකක් හයියෙන් ගියා නම් තවත් හොදයි
දේශපාලුවො හැටියට ජනතා සේවය වෙලාව අවේලාව නොබලා නොකලත් මේක අකාලයේ වීදි සංචාරයේ යෙදීම නිසා කරගෙන තියෙන දෙයක් තමයි
අපි සියලු දෙනා මැරෙන බව දැනගෙන ජීවත් වීම වැදගත් .එදා අරගලයට ගහපු වෙලාවේ මෙතුමාට ඕවා හිතෙන්න නැතුව ඇති .ඒත් මැරෙන වෙලේ හිතෙන්න ඇති .දැන් ඉතින් අපේ ලයිට් බිල ගෙවන්නේ කවුද ?
ඔය වාහනය ඇතුළේ jonston , රත්තරන් ඉඳල නැත්ද ?
මනුෂ්‍ය නීති වලින් ගැල උනත් ස්වභාවධර්මය නිසි කලට කාට කාටත් නිසි දඬුවම දෙනවා
වවාපු දේ නෙලා ගත්තා.
දැන් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට නෝනට හරි ළමයෙකුට හරි මස්සිනාට හරි සහෝදරයෙකුට හරි මහජන නියෝජිත කම පවරන්න පුළුවන් නේද ?
"ඔබතුමාට නිවන්සුව පතමු "
බයවෙන්න එපා .අපායෙත් ඩිෆෙන්ඩර් තියනවා
සොබාදහම ට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..
සොබාදහම ට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ.
අපි හැමෝම මැරෙන බව දැනගෙන වැඩ කලොත් හොඳයි .දිට්ඨ ධම්ම වේදනීය කර්මය .ස්ථීරයි
ස්වභාව ධර්මයා සියලු ජීවීන්ගේ පැවැත්ම සදහා අවශ්‍ය ඔක්සිජන් (වාතය ) ආහාර ඖෂධ ලබාදීලා තියෙනවා. ඉතින් සමහරක් එවුන් තම තමන්ගෙ පුද්ගලික ලාභ ප්‍රයෝජන සදහා ස්වභාව ධර්මයා ඉක්මවා පරිසරය විනාශ කරමින් කටයුතු කරනවා. ඒවා නරකයි වැරදියි කිව්වම කියපු කෙනාට අපහාස උපහාස කිරීමට අමතරව තර්ජන ගර්ජනත් කරනවා. ඒත් පරිසරය රකින්නාට පරිසරය (ස්වභාව ධර්මයා ) විසින් රැකවරණය දුන්නත් ස්වභාව ධර්මයාට අපහාස කලොත් ස්වභාව ධර්මයාගෙන් දඩුවම් ලැබෙනවා කියලා මෙයින් පෙන්වා දීලා කියන්න පුළුවන්. බලන්න මෙයා උපක්‍රමයෙන් පැරණි කරද ශාඛය විනාශ කරවා ගතවුනේ ඉතාමත් කෙටිම කාලයක් නේද කියලා සිතා බලන්න.
අහන්න කණගාටුයි...
අවසානේ තීන්දුව දෙන්නේ සොබාදහමයි ,
කර්මය පල දුන්නා
කවදා හරි යන්න වෙනවා කියලා අමතක කරලා ජීවත් වෙන්න හැදුව මිනිස්සු.
දෙව් මව් තුරුලේ සැතපේවා.
සාමදානයේ සැතපේවා. අපේ ශ්‍රිපති මහත්තයවත් මතක් උනා
කාලකන්නි සක්කිලි ,ඔවුන් ඔහොම නෙමෙයි විඳවලයි මැරෙන්න ඕනේ
මනුස්සයෙක් මැරුණම වරදක් කියන්නේ නැහැ. ඒක අපේ සංස්කෘතිය. නමුත් මේ වගේ රට කාපු මජරයන් ගැන කිසිම ශෝකයක් ඇති වෙන්නේ නැහැ. දැන් ඉතින් බලු කපුටු ආත්ම තමයි පුතේ
ක්‍රමය පඩිසන් දීමට පටන් අරන් .
කර්මය පඩිසන් දීමට පටන් අරන් . මීළගට රාජපක්ෂ වරුන් .
අදහසක් නැත.
කරුණාකර මේ සතුටු දවස සාමකාමීව සමරන මෙන් ඉල්ලා සිටිමි. කට්ටිය සතුට වැඩි වෙලා, බීලා එහෙම එලවනව නෙවෙ!
ඔබ දෙපලට නිවන් සැපම ලැබේවා !!! රියදුරු මහතාට ඉක්මන් සුවය සමගින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු !!!
නිවන් සුව ලැබේවා !
මහ රෑ අණ පනත් සකසන්න යන්න ඇති ගරු ඇමතිතුමා රජයේ වාහනයක පවු.
අද පෝය දවසෙ මනුස්සයෙක් මැරෙන එක හොඳයි කියනව නෙවෙයි. ඒත් මූ උඩ පනිනකොට දැනගත්ත ඉක්මනින්ම කෙලවගන්නවා කියල. සොභා දහම නිසි වෙලාවට උත්තර දුන්නා. නිවෙන්න ලං වෙනකොට පහනෙ දැල්ල වැඩි උනේ ඕක තමයි. අනිත් උන්ටත් ඔය ටික තමයි ඉක්මනින්ම. බුදුන් වැඩිය මේ පින් බිමට කෙලවන්න හදන උන්ට ලේසියෙන් ඒක කරන්න වෙන්නෙ නෑ.
ගුරුන්ටත් අකුරු වරදිනවනෙ. පාලනයක් නැති වේගය එතුමන්ලාට නිවන් සුව පතමු!
කාලෙකින් අහන්න ලැබුණු සුභම ආරංචිය. මේ වගේ උන් තව ඉන්නවා. උන්ටත් එසේම වේවා...!!!
මෙයට වසර තුනකට පමණ පෙර ස්වභාව ධර්මයා රැකගැනීම සදහා බොහෝ මහන්සියක් ගත් දේවානි මැතිණිය අපහාසයට ලක්කිරීම කල එම රැස්වීමේ හිටපු නිල් කමිස කාරයා සහ සංග්ලාස් එකක් සාක්කුවේ රදවා ගෙන සිටි එකාත් මොහු උන්මත්තකයෙක් වීමට හේතුවක් වුනා කොහොම වුනත් මොහුට වගේම එම අවස්ථාවේ දේවානි මැතිණියට අපහාස කරපු එවුන්ටත් ඉක්මනින් ස්වභාව ධර්මයාගෙන් බේරෙන්න බැරි වෙනවා යූටියුබ් හරහා එම රැස්වීම බලන්න
oxygen කන්ඩ ද කියල ඇහුවනේ, සොබාදහම දඩුවම් දීලා
හිටියානම් අනිවාර්යයෙන්ම පොහොට්ටුව මේ චන්දෙන් දිනනවා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා එඩිතර හොඳ බූරු පුතෙක් පුත්තලමට නැති වුනා
හොඳ නිව්ස් එකක් කාලයකට පසු
දවසේ සුභ ආරංචිය.... සර්ව සාධාරණව ජීවිතය ගෙවන ශ්‍රී ලාංකික ජනතාවට සුභ ආරංචියක්... අසාධාරණ ලෙස ජීවත් උන පුත්තලමේ බූරුවන්ට අසුබ ආරංචියක්
ස්වභාවධර්මය විසින් සිස්ටම් එක චේන්ජ් කරල දෙයි වගේ....... මැරෙන්නේ නෑ කියලා හිතාගෙන ජීවත්වෙන මිනිස්සුනේ මේවා දැකලවත් හැදියල්ලා....... නිවන්සුව පතමු.
හරිම දුකයි, ප්‍රදේශවාසීන් දන්නවා මෙතුමාගේ සේවය ගැන, සමාදානයේ සැතපේවා
නිවන් සුව ! මේ රට විනාශ කරපු අයටනම් ස්වභාව දහමින් බේරුමක් නැහැ
කාලෙකින් අහන්න ලැබුණු සුභම ආරංචිය. මේ වගේ උන් තව ඉන්නවා. උන්ටත් එසේම වේවා...!!!
අදීනව ජීවත් වෙන්න බුද්ධියක් ලබන ආත්මයක වත් ලැබේවා.ගත කරපු ජීවිතයට වැඩිය නම් මැරුණ එක හොඳයි කියලා තමයි හිතෙන්නේ .සමාදානයේ සැතපේවා !
ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනය දුම්රියෙන් සිදු කළ යුතුයි.එමගින් මාර්ග වලට වන හානිය,මාර්ග තදබදය,මාර්ගබඅනතුරු අවම කළ හැක.නමුත් දේශපාලන මැදිහත් වීම් නිසා දුම්රියෙන් ගතහැකි එම ප්යෝජන නොගනී.දැන් වත් ඒ පිලිබඳව කීයාමාර්ග ගත යුතුව ඇත.
ඔබේ ආත්මය සමාදානයේ සැතපේවා !
සනත් නිශාන්ත මහතාගේ හොඳ ගතිගුණ : 1. oxygen කන්ඩ ද කියලා දෙව්මිණී එක්ක රන්ඩු උනා 2. ලෝකයේ හොඳම තෙත් කලාප භූමිය (ආනවිලුන්දාව අභය භූමිය ) විනාස කරලා ඉස්සෝ කොටුව හැදුවා 3. අරගල කරපු අයව ගහලා පැන්නුවා 4. නාමල් baby ගේ විදුලි බිල ගෙව්වා
කන්ටේනර් රථය ජාතික වාහනය බවට පත්කරනු
අධික වේගය මයිනලාට බලපාන් නැතුව ඇති
සොබාදහම එකිනෙක නඩු විසදමින් සිටී….රත්තරං ගුලි, මුදු, මාල වලට එය වැලැක්විය නොහැක.
ස්වභාව ධර්මයාගේ නඩු ඇසීම අහෝසි කිරීමට පනතක් ගේන්න යනවලු….. ඇත්තද..?
මැරුණට පස්සේ දුක්වෙන අය නැතත් කම් නැත. මැරුණට පස්සේ සතුටුවෙන කිසිවෙකු නොමැති පිළිවෙලට ජීවත් වෙන එක තමා වැදගත් වනුයේ
ජම්පරෙන් නම් යන්තම් බේරුනා
මෙම කොමෙන්ට්ස් බලල යමෙක් යහපත් පිළිවෙලට ජීවත් උනොත් මරණෙන් පසු හොදක් අහන්න ලැබේවි. බලය, මුදල් මේවා අපිට ආබරණ නොවේ. ඒවා මිනිස්සුන්ගේ යහපත් පිණිසම කියල හිතල වැඩ කරනම් ගැටළු නැත
මේක තමා ජීවිතේ ස්වභාවය .වල පයයි ගොඩ පයයි තියන් රටේ නීති පනත් ගෙනත් තව බලයේ ඉන්න දඟලන මිනිස්සු ඉන්න රටක්
ජීවිතය අනියතයි. මරණය නියතයි. ඒ බව දැනගෙන හොඳින් ජීවත් වෙන්න ඕනෑ... අනික් අයටත් මොනවායින් මොනවා වෙයිද කවුද දන්නේ?
රියැදුරා මොනතරම් වේගයකින් වාහනය ධාවනය කළාද කියලා මේ වැදී තිබෙන්නේ ආකාරයේම පෙනේ...!
එදා අර අබලන් පුංචි ලොරියක යමින් සිටි, රටට බරක් නොවී ස්වශක්තියෙන් දරුමල්ලන් පෝෂණය කරගෙන ගිය අහිංසක මිනිහට නාරම්මලදී අත්වුණු ඉරණම ගැනත් සිතනකොට ...?
මේ පුවත පිළිබඳ පාඨකයින් ලබා දී ඇති ප්‍රතිචාර ගණන අනුව සාරාංශ වශයෙන් කිව හැක්කේ කල්ක්‍රියාව කුමක් වුවත් මියගිය මන්ත්‍රීවරයා ප්‍රදේශවාසී ජනතාව අතර ජනප්‍රිය මන්ත්‍රීවරයෙක්ව සිට ඇති බවයි. හැබැයි ඉතින්, ගණන්කාරකම් හයිය තියනකන් නම්බුකාරකම් බලය තියනකන් අහංකාරකං සල්ලි තියනකන් මේ ඔක්කොමකං මෙලොවින් යනකන් මියගිය මන්ත්‍රිතුමාට නිවන් සුව පතමු...!