IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රිය අනතුරකින් අජිත් රෝහණගේ බිරිඳ තුවාල ලබයි

(ඉන්දිකා රාමනායක)

කොළඹ පිත්තල හන්දියේ දී බීමත් රියැදුරකු සිදුකළ අනතුරකින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ බිරිඳ තුවාල ලබා ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වෙත නිකුත් කර ඇති  පොලිස් මෝටර් රථය  පිත්තල හංදියේ දී  විදුලි සංඥාවට නවතා තිබියදි  බීමත් රියැදුරකු පැදවූ මෝටර් රථයක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත

මෙම අනතුරි සිදුකළ මෝටර් රථයේ රියදුරු බීමතින් අපරික්ෂාකාරිව මෝටර් රථයක් පැදවා පුද්ගලයකුට තුවාල සිදුකිරීම  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (9)

රිය අනතුරකින් අජිත් රෝහණගේ බිරිඳ තුවාල ලබයි

sawudam gema Saturday, 17 June 2023 02:40 PM

අනතුරින් තුවාල ලැබූ අයට ඉක්මන් සුවය පතමි. නමුත් රජයේ නිල වාහනය භාවිතා කළ හැක්කේ අදාල නිලධාරියාට නිල කටයුතු වෙනුවෙන් මිසක බිරිඳට නොවේ. මෙය බොහෝමයක් ආරක්ෂක අංශවල සේවය කරන අයගේ බිරින්දෑවරු කරන වැරැදි වැඩක්. මහජනතාව බදු ගෙවීමට මැලිකමක් දක්වන්න මෙයත් හේතුවක්... බලධාරීන් මේ ගැන මුනිවත රකිනවා...

:       2       99

kamalSaturday, 17 June 2023 03:39 PM

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් නිසා අපි මුකුත් නොකියා ඉමු.

:       13       18

ඇත්තෝ කතිබොති Saturday, 17 June 2023 03:49 PM

රජයේ උසස් නිලධාරින්ට වාහන බලපත්‍ර ගන්නත් පුළුවන්... එහෙම තියෙද්දී තමන්ගේ නිලරථය මාසෙකට ඉතාමත් සුළුම (සාමාන්‍යයෙන් මසකට රුපියල් දෙදාහක් හෝ එයට අඩු මුදලක් ) වැටුපෙන් අයකරගෙන රජයේ ඉන්ධන සමග පුද්ගලික කටයුතුවලට යොදාගන්න පුළුවන් නීති සිරිලංකාවේ තියෙනවා. ඒක පොලිසියට විතරක් නොවෙයි, දීප ව්‍යාප්ත සේවයේ ඉහළ තනතුරු දරණ සැමටම නීති අනුව හිමිකම් තියෙනවා ඒ විදියට අජිත්ගේ බිරිඳ එම වාහනය පදවාගෙන ගියා කියලා වරදක් නැහැ. ඒවා අනන්තවත් වෙනවා.. අනේ සව්දම් පොඩ්ඩක් ළිං කටින් උඩට ඇවිල්ලා චූට්ටක් වටපිට බලන්නකෝ එතකොට ඇත්ත තේරේවි...

:       48       14

ඇත්තෝ කතිබොති Saturday, 17 June 2023 06:06 PM

රජයේ සේවකයෙක් හැටියට ඇත්ත කිව්වාම ළිං මැඩියෝ ටිකක් ඩිස්ලයික් දාලා තියෙනවා... රට ගැන හරිම කණගාටුයි... මම සති අන්තයේ දිනවල බොහෝවිට මම කියනදේ සත්‍ය වශයෙන්ම දකිනවා...

:       2       0

sawudam gemaSunday, 18 June 2023 03:04 AM

හලෝ ඇත්තෝ බොති... ඔන්න මම ලිං කටින් ගොඩටම ආවා. ඇවිත් බැලුවාට ඔයා කියන විදිහට ඉහළ නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ට රජයේ වාහන පදවාගෙන යන්න පුළුවන් කියලා නම් පෙනෙන්නේ නැහැ. ඔබට වැරැදුණාවත්ද? මෙතැන තියෙන කොමෙන්ට්වලට ලයික් වැටිලා තියෙන විදිහ බලන්න. ඒක තමයි සාමාන්‍ය ජනමතය. ඒ නිසා ඔයා මේ වැඩේ සාධාරණීකරණය කරන්න හැදුවාට සාමාන්‍ය ජනයා එතැන නැහැ. අනික මතක තියාගන්න නීති තර්කවලින් ජයගත්තාට වැරැදි වැඩේ කරපු කෙනා හදවතට එකඟව හැමදාම පරාජිතයෙක් බව...

:       0       4

Chathuranga Saturday, 17 June 2023 05:08 PM

නිල රථය රාජකාරි නොවන කටයුතුවලට යොදා ගැනීම මොනතරම් සදාචාරාත්මකද කියලා වැදි බණ දෙසන අය කල්පනා කළයුතුයි. අනිත් රථයේ රියදුරාගේ ඉරණම ගැන කණගාටුයි.

:       4       43

sriyal Saturday, 17 June 2023 10:38 PM

පොලිසියට නීතිය රැකීමට නොහැකි වී ඇත. වැරදි කරණ අයට වැරදි කිරීමට අවස්ථාව ඇත...

:       0       2

Nandalal DE SILVA - France Saturday, 17 June 2023 11:13 PM

අපේ ගමේ ජේමිස් අයියගේ බර බාගෙට අනතුරක්.. උන්දැගේ පවුලටත් තුවාල වෙලා අල්ලපු ගමේ රෝහලට එදාම ඇතුල් කළා... ඒක නම් එකම පත්තරයක්වත් දාලා තිබ්බේ නැහැ. මම පොලිසියේ නොවන නිසාද මන්දා...!

:       0       3

Bunny Preena Monday, 19 June 2023 10:35 AM

නිල රථය නීති විරෝධී ගමනක් ගිය බවක් කොහෙවත් සඳහන් වෙලා නැහැනේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site