
(සනත් ගමගේ)
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර් ගයේ හුංගම කිවුල ප්‍ර දේශයේ දී අද (04) උදේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව හුංගම පොලීසිය කියයි.
අම්බලන්තොට දෙස සිට තංගල්ල බලා ධාවනය වෙමින් තිබූ කුඩා මෝටර් රථයක් හා හුංගම දෙස සිට අම්බලන්තොට දෙසට ධාවන වෙමින් තිබූ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
කිවුල ප්‍ර දේශයෙ බස් නැවතුමක් අසල මගී බස් රථයක් නතර තිබිය දී බස් රථයට පිටුපසින් පැමිණි වෑන් රථය නතර කර ගැනීමට නොහැකිව එක්වරම බස් රථයට ඉස්සර කිරිමට යෑමේ දී ඉදිරියෙන් පැමිණි කුඩා මෝටර් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂන වලින් හෙලිවි ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාමාර්ගග අනතුරු වලක්වා ගැනීම සදහා පොලිසිය විසින් දිවයින පුරා සියලු බර වාහන සියල්ල mechanical inspection කිරීමට කටයුතු කිරීම වැදගත්වේ. විශේෂයෙන් Highways traffic පිලිබදව සොයාබැලීමක් කිරීම වැදගත්වේ. පළමුව මාධ්‍ය මගින් මහජනත්වට දැනුම්දී මසක් ඇතුලත Highways traffic mechanical inspection කිරීමට කටයුතු කරන බවට දැනුම් දී එම වැටලීම් වලදී mechanical inspection certificate or a bill තිබිය් යුතු බවත් Turn signal, brake light, brakes, tire conditions