(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රියදුරුගේ නොසැලකිල්ල මත සිදුවන රිය අනතුරු වලින් අගතියට පත් වන පාර්ශවයන්ට දැනට ගෙවන ලක්ෂයක මුදල ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමට රක්ෂණ සමාගම් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී එකඟවූ බව එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
එසේම සමහර බැංකු හා මූල්‍ය සමාගම් සිය ගනුදෙනුකරුවන් බලහත්කාරයෙන් ඇතැම් රක්ෂණ සමාගම්වලට යෑම අනිවාර්ය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට කමිටුව මහ බැංකුවට නියෝග කළේය.
මේ අතර රක්ෂණ සමාගම් කොවිඩ් කාලසීමාවේදී විශාල වශයෙන් ලාභ ලබාගෙන ඇති හෙයින් එම ප්‍රතිලාභ පාවිච්චි කර ජනතාවට සහන දෙන්නැයි ආංශික අධීක්ෂණ කාරක සභාව රක්ෂණ සමාගම්වලට නිර්දේශ කර ඇත.
කොව්ඩ් කාලසීමාවේදී වාහන රක්ෂණාවරණ සහා රක්ෂණ ප්‍රතිලාභ ලබාදීම සියයට 80 කින් පමණ අඩුවූ හෙයින් එම සමාගම් මෙසේ අසීමිතව ලාභ ලබාගත් බව වලේබොඩ මහතා කමිටුවේදී පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
5ක්ද, 10ක්ද?