IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


රූමස්සල හිරවූ නැව කපා ඉවත් කෙරේ


(ඩී.ජී.සුගතපාල)

වසරකට ආසන්න කාලයක් තිස්සේ උණවටුන රූමස්සල කඳු පාමුල කොරල්පරවල හිරවි තිබෙන නැව පරණ යකඩවලට කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වරාය අධිකාරිය පවසයි.

ගාල්ල සිමෙන්ති සමාගමට ක්ලින්කර් ගෙනැවිත් ගොඩබා පිටත වරායේ නැගුරම්ලා තිබු ඉන්දියානු සමාගමකට අයත් “ශ්‍රී ලංකා ග්ලෝරි“ නමැති මෙම නැව පසුගිය වසරේ ජූනි මාසයේ 18 වනදින හමාගිය තද සුළඟින් නැගංරම්ද කඩාගෙන ගොස් රූමස්සල කඳු පාමුල කොරල්පරවල හිරවී තිබූ අතර එහි සිටි නාවිකයින් නම දෙනා බේරගනු ලැබිණි.

නැවේ තිබු තෙල් විසිරීමකින් පරිසර හානි ඇතිවීමට ඉඩ තිබු නිසා සමුද්‍ර පරිසර දූෂණ වැළැක්විමේ අධිකාරියේ අධීක්ෂණය යටතේ නැවේ තිබු තෙල් ටොන් 22ක් ශානිකා මෙරයින් නමැති සමාගම විසින් ඉවත් කරගෙන එම සමාගමට අයත් පුත්තලම පිරිපහදුව වෙත ගෙනයන ලදි.

පසුව නැව වෙළඳ නැව් අධ්‍යක්ෂවරයා බාරයට ගෙන බාහිර කිසිම පුද්ගලයෙකුට නැවට ඇතුළුවීමද තහනම් කර තිබිණි.

මේ අතර නැව කපා ඉවත් කිරීමට සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේද වනජීවි දෙපාර්තමේන්තුවේද නිර්දේශ ලබා දී ඇත.

ඒ අනුව පුද්ගලික සමාගමක් විසින් නැව කපා ඉවත් කරනු ලැබේ.



අදහස් (7)

රූමස්සල හිරවූ නැව කපා ඉවත් කෙරේ

පහන් Wednesday, 17 June 2020 08:48 AM

ඔය නැව කපලා ඉවත් කරනවට වැඩිය ඔහොම්ම තියෙන්න ඇරියා නම් (සියළුම ඉන්ධන හා අහිතකර ද්‍රව්‍ය ඉවත් කළ පසු) එය සාගර ජීවීන්ගේ පැවැත්මට සහ වෙරළ ඛාදනය වැළැක්වීමට හොඳයි නේද? එහෙම බැරිනම් සංචාරකයින්ට නැරඹීම සඳහා වැඩපිළිවෙලක් හැදුවා නම්...

:       3       128

විජිත් Wednesday, 17 June 2020 09:43 AM

ඉතාම කාලෝචිත අදහසක්. ඔබ කීවා වගේ නැවේ ඇති සියලුම තෙල් වර්ග (නැවක තෙල් වර්ග 2 ක් භාවිතා වෙනවා. ඩීසල් - විදුලි උත්පාදක සඳහාත්, " කුණු " භූමිතෙල් නැවේ ප්‍රධාන එන්ජිම පණගැන්වීම සඳහාත් යොදාගන්නවා. කුණු භූමිතෙල් මිලෙන් අඩුයි. නැවේ ඇති "ඩිලාවල්" මගින් ඒවා පිරිසිදු කරගෙන පාවිච්චි කරනවා.) අයින් කොට,"නැප්තා" වැනි විෂ රසායනිකයන් අයින්කොට, මේ නැව ඔය තියෙන විදිහටම තබා, (අවශ්‍ය නම් තවත් ශක්තිමත් කොට) එහි කීල් එක ඇති ප්‍රදේශයේ පිටින් ගෙනෙන කොරල් " පැළ කළානම් " කලකදී ඉතා ලස්සන කුඩා කොරල් උද්‍යානයක් ඇති කරන්නට තිබුණා. බාහිර පරිසරය ඒ ලෙසම ආරක්ෂාකරමින් නැවේ අභ්‍යන්තරයේ කැඩී බිඳී ඇති තැන් ආරක්ෂාකාරී ලෙස නැවත ප්‍රතිසංස්කරණය කළා නම්.. විදේශිකයින් පමණක් නොව දේශීය සංචාරකයිනුත් ආකර්ෂණය කරගත හැකි "රෙස්ටුරන්ට්" එකක් ලෙසත් මෙය භාවිතා කරන්නට තිබුණා. සමහර රටවල ඒ ආකාරයට කටයුතු සිදුකළත්.. අපේ රටේ පාලකයින් හිතන හැටි පිළිබඳව අපිට දෙවරක් හිතන්න වෙලා..

:       1       65

yakaFriday, 19 June 2020 06:21 AM

මෙම නැව කොරල් පරයක් මත රැදී ඇති අතර එය ක්‍රමක්‍රමයෙන් කැබලි කීපයකට කැඩී යාමෙ තත්වයක තිබෙනවා. ඔබ සදහන් කල සියලු තත්වයන්ද සැලකිල්ලට ගෙන හොඳම විසදුම ලෙස තමයි මෙ කපා ඉවත් කිරීම සිදුකරන්නෙ.

:       0       2

Anura Wednesday, 17 June 2020 09:25 AM

මේ ආණ්ඩුවේ ඉන්නවා යකඩ මුදලාලි කෙනෙක් පරණ නැව් පෙන්නන්න බැහැ. මතකයිනේ යුද්ධය ඉවර වුණු ගමන්ම නන්දිකඩාල් වල තිබ්බ ඔයවගේ තව නැවකුත් ඉක්මනට යකඩවලට කපාගත්තා..

:       2       116

ravi Wednesday, 17 June 2020 10:51 AM

ඕක පංචිකාවත්තේ මුදලාලි කෙනෙකුට බාරදුන්නා නම්... විනාඩි 5කින් නැව තිබුණු තැනවත් නැහැ.

:       0       19

S.P Thursday, 18 June 2020 03:41 AM

මේ නැව කපලා ඉවත් කරන සමාගම මොකක්ද?

:       1       36

Samudra Thursday, 18 June 2020 03:49 AM

අපි නම් දන්නවා යකඩ ගිලින බහිරවයො කවුද කියලා. වැඩක් නෑ.අහිතකර දේවල් අයින් කලාට පස්සෙ ස්වාභාවික සමුද්‍ර පරිසර පද්ධතියක් බවට කාලය විසින් ඔය යකඩ ගොඩ පත් කරනවා.වෙන රටවල් වල එහෙම දේවල් තියෙනවා.කෝටි ගණන් වියදම් කරල ගොඩබිම සිමෙන්ති වලින් හදපු පිළිම ගිහින් මූදෙ ගිල්වලා සමුද්‍ර කෞතුකාගාර හදනවට වැඩිය ලේසියෙන් ඒක කරන්න තිබුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1960 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1544 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site