(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා නිල නිවසට ගෙවිය යුතු සියලු විදුලි සහ ජල බිල්පත් නිවැරදිව ගෙවා තිබෙන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය.
විදුලි බිල්පත් නොගෙවූ ඇමතිවරුන් ගැන සමාජ මාධ්‍යයෙන් කතා කරද්දී ආර්.පතිරණ නැමැති මන්ත්‍රීවරයකු රුපියල් මිලියන 1.2 ක විදුලි බිලේ හිඟ මුදලක් පවතින බවට වාර්තා කර ඇතැයි කී රමේෂ් පතිරණ මහතා ඒ අනුව තමා විදුලි බිල නොගෙවා ඇතැයි විශාල මඩ ප්‍රචාරයක් ගෙන ගිය බවද සඳහන් කළේය.
තමා මෙන්ම තම පියාවන රිචඩ් පතිරණ මහතා ද නිල නිවාස වල සියලුම විදුලි බිල්පත් නිරවුල්ව පියවා ඇති බව විදුලිබල මණ්ඩලය තමාට සහතික කළ බව ද රමේෂ් පතිරණ මහතා කීය.
එහෙත් තමාගේ පියා අමාත්‍ය ධුරය දරන සමයේ පදිංචි වී සිටි නිවසේ ඊට පසුව පදිංචියට පැමිණි ඇමතිවරුන් විදුලි බිල් නොගෙවීම නිසා රිචඩ් පතිරණ මහතාගේ නමට එම මුදල බැර වී තිබෙන බව විදුලිබල මණ්ඩලය දන්වා තිබෙන බවද රමෙිෂ් පතිරණ මහතා කීය.
තම පියා අදාල නිල නිවස පාවිච්චි කළ 1995 සිට 2002 දක්වා කාලයේ රුපියල් 18,000 ක හිඟ මුදලක් පවතින බව තමා විමසීමක් කිරීමෙන් පසුව විදුලි බල මණ්ඩලය දැනුම් දුන් බව කී රමේෂ් පතිරණ මහතා ඒ මුදල ද තම පියා වෙනුවෙන් මේ වන විට පියවා ඇති බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිචඩ් පතිරණ යනු ඇත්තටම සුපිරි ගණයේ දේශපාලඥයෙක්. ඔහු ගෙනගිය සරල ජීවිතය කාටත් ආදර්ශයක් . වංචා දූෂණ නොමැති තරම් . ඔහු පොලිසිය පිරිවරා ගමන් කලෙ නැහැ . තනියම ජීප් රියේ ගමන් කිරිම ගාල්ල ජනතාවට අමුත්තක් නොවන බව එම වැසියන් දන්නවා .
තම පියා අදාල නිල නිවස පාවිච්චි කළ 1995 සිට 2002 දක්වා කාලයේ රුපියල් 18,000 ක හිඟ මුදලක් පවතින බව තමා විමසීමක් කිරීමෙන් පසුව විදුලි බල මණ්ඩලය දැනුම් දුන් බව කී රමේෂ් පතිරණ මහතා ඒ මුදල ද තම පියා වෙනුවෙන් මේ වන විට පියවා ඇති බව සඳහන් කළේය. "නිල නිවසට ගෙවිය යුතු සියලු විදුලි සහ ජල බිල්පත් පිලිබදව රටට හෙලිවුයේ සති කිහිපයකට පෙරය. එසේ හෙළි කරනා තුරු මොවුන් බිල් ගෙවීම් පැහැර හැර තිබේ".