IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රමේෂ් පතිරණගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා නිල නිවසට ගෙවිය යුතු සියලු විදුලි සහ ජල බිල්පත් නිවැරදිව ගෙවා  තිබෙන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය.

විදුලි බිල්පත් නොගෙවූ ඇමතිවරුන් ගැන සමාජ මාධ්‍යයෙන් කතා කරද්දී ආර්.පතිරණ නැමැති මන්ත්‍රීවරයකු රුපියල් මිලියන 1.2 ක විදුලි බිලේ හිඟ මුදලක් පවතින බවට වාර්තා කර ඇතැයි කී රමේෂ් පතිරණ මහතා ඒ අනුව තමා විදුලි බිල නොගෙවා ඇතැයි විශාල මඩ ප්‍රචාරයක් ගෙන ගිය බවද සඳහන් කළේය.

තමා මෙන්ම තම පියාවන රිචඩ් පතිරණ මහතා ද නිල නිවාස වල සියලුම විදුලි බිල්පත් නිරවුල්ව පියවා ඇති බව විදුලිබල මණ්ඩලය තමාට සහතික කළ බව ද  රමේෂ් පතිරණ මහතා කීය.

එහෙත් තමාගේ පියා අමාත්‍ය ධුරය දරන සමයේ පදිංචි වී සිටි නිවසේ ඊට පසුව පදිංචියට පැමිණි ඇමතිවරුන් විදුලි බිල් නොගෙවීම නිසා රිචඩ් පතිරණ මහතාගේ නමට එම මුදල බැර වී තිබෙන බව විදුලිබල මණ්ඩලය දන්වා තිබෙන බවද රමෙිෂ්  පතිරණ මහතා කීය.

තම පියා අදාල නිල නිවස පාවිච්චි කළ 1995 සිට 2002 දක්වා කාලයේ රුපියල් 18,000 ක හිඟ මුදලක් පවතින බව  තමා විමසීමක් කිරීමෙන් පසුව විදුලි බල මණ්ඩලය  දැනුම් දුන් බව කී රමේෂ් පතිරණ මහතා ඒ මුදල ද තම පියා වෙනුවෙන් මේ වන විට පියවා ඇති බව සඳහන් කළේය.



අදහස් (2)

රමේෂ් පතිරණගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

චන්දන Thursday, 05 January 2023 05:23 PM

රිචඩ් පතිරණ යනු ඇත්තටම සුපිරි ගණයේ දේශපාලඥයෙක්. ඔහු ගෙනගිය සරල ජීවිතය කාටත් ආදර්ශයක් . වංචා දූෂණ නොමැති තරම් . ඔහු පොලිසිය පිරිවරා ගමන් කලෙ නැහැ . තනියම ජීප් රියේ ගමන් කිරිම ගාල්ල ජනතාවට අමුත්තක් නොවන බව එම වැසියන් දන්නවා .

:       0       0

Nimal Thursday, 05 January 2023 05:47 PM

තම පියා අදාල නිල නිවස පාවිච්චි කළ 1995 සිට 2002 දක්වා කාලයේ රුපියල් 18,000 ක හිඟ මුදලක් පවතින බව තමා විමසීමක් කිරීමෙන් පසුව විදුලි බල මණ්ඩලය දැනුම් දුන් බව කී රමේෂ් පතිරණ මහතා ඒ මුදල ද තම පියා වෙනුවෙන් මේ වන විට පියවා ඇති බව සඳහන් කළේය. "නිල නිවසට ගෙවිය යුතු සියලු විදුලි සහ ජල බිල්පත් පිලිබදව රටට හෙලිවුයේ සති කිහිපයකට පෙරය. එසේ හෙළි කරනා තුරු මොවුන් බිල් ගෙවීම් පැහැර හැර තිබේ".

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 179 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site