රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී අද සිදු වු අනතුරින් මිය ගිය ගණන අද දහවල් වන විට 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලීසිය කියයි.
(සුරංග රාජනායක , රංජිත් රාජපක්ෂ සහ සුදත් එස් කුමාරසිරි)
කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.
කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ලංගම බසයක් අද අලුයම 4.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
තුවාලකරුවන් ගම්පොළ පේරාදෙණිය, නුවරඑළිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි.
------------------------------------------------------
පෙරවරු 6.00
(සුරංග රාජනායක සහ සුදත් එස් කුමාරසිරි)
කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අට දෙනකු මියගොස් තවත් 37දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් මේ වන විට කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇත
බස් රථයේ සිටි මගීන්ගෙන් තවත් පිරිසක් බසය තුළ සිරවී ඇති බැවින් පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහායෙන් බේරා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වැඩිම අනතුරු වුනේ පෞද්ගලික බස් වලින්, හරි පුහුණුවක් නැති රියදුරන් වගේ කතා කිව්වේ, එත් දැන් අහන්න ලැබෙන්නේ එකේ අනිත් පැත්ත, ලංගමේ රියදුරු පුහුණුවත් තියෙන ලංගමේ බස් රථම අනතුරු වෙනවා. මොකද හේතුව. ආණ්ඩුව ලංගමේ ලොක්කන්ට දීල තියෙනවා නියෝගයක්, ලාබ පෙන්නපන් කියලා, ඉතින් මම හිතන්නේ මුන් ධාවනයට නුසුදුසු බස් රථ පවා ධාවනයට දමනවා ඇති කියලා, ඔය ඡායාරූපයේ පෙනෙනවා බස් රථයේ ටයර් ගෙවිලා කියලා. ඉතින් තේරෙනවා ඇති මොකක්ද අර්බුදය කියලා. මේ කාලකන්නි ආණ්ඩුවට සාමාන්‍ය මිනිස්සු ගැන තැකීමක් නැහැ.
සම්පූර්ණයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය වගකිව යුතුයි. අනතුරු දායක ස්ථානවලට පැතිබැමි දැමිය යුතුයි.
බස් එළවන හුඟ දෙනෙක් මිනීමරුවෝ, ඔය කට්ටිය නියාමනය කරන්න. පස්වලට වේග සීමා පාලක හයි කරන්න. නැතිනම් බලපත්‍රය අහෝසි කරන්න. පාණ්ඩු ආණ්ඩු මේවා කරයිද?
ලොරි බස් ගෙනාපු දේශප්‍රේමීන් දැන් අදහස් දක්වන්න...
අනවශ්‍ය තරඟකාරිත්වයක් ඇති මාර්ගවල සේවාවන් නියාමනය කරන්න..
අපේ රටට සාපයක් වැදිලා, 60,000ක් මරණ වලට වගකිවයුතු සාපලත් පක්ෂයකට බලය දුන් නිසා වෙන්න ඕනෑ. දළදා ප්‍රදර්ශන තිබ්බාට... ඒ ලේ හේදිලා යන්නේ නැහැ.
ගුණරත්න මහත්මයෝ, ඔයා වගේ හැමදේටම දේශපාලනය ගාවගන්න මිනිස්සුනම් රටට සැපයක් තමයි. මීට කලින් බස් පෙරලිලා සුනාමි ඇවිල්ල, කොච්චි පීලි පැනලා, යුද්දේ නිසා මිනිස්සු කී දාහක් මිනිස්සු මැරුණද? ඒ මදිවට දළදා ප්‍රදර්ශනයත් මේකට ගාවගෙන. ඕක ඔයාගේ වැරද්දක් නෙමෙයි, ඔයාගේ දෙමව්පියන්ගේ වැරුද්ද, මොකද ළමයි හදන්නම් වාලේ හදලා වැඩක් නෑ, උන්ගේ ආකල්ප, ගුණධර්ම වර්ධනය කරන්නේ නැතුව.
2025 සැප්තැම්බරයේ සිට මේ රටට පාත් වන හෙණ ගෙඩිවල ඉවරයක් නැහැ. ඊයෙ පෙරේදා හෙලිකොප්ටරයක් කඩා වැටුණා. දැන් මහා බස් අනතුර. රට පුරා තැන් තැන්වල ජයටම මිනීමැරුම්. ජනජීවිත අවුල්. පාසල් දැරියන් දූෂණයට ලක් වෙනවා. සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක වීම පමා වෙනවා. බඩු මිල ජනතාවට දරා ගන්න බැහැ. ඒත් ආණ්ඩුවේ කයිවාරු නං අඩුවකුත් නැහැ. ලෝක පාලන දෙවියනි ඔබවහන්සේලා වත් අපේ රට ගැන බලලා යහපතක් කරලා දෙන්න. මිනිස්සුන්ටත් දැන් තමන් කර ගත්ත මෝඩකමේ තරම ටික ටික තේරෙන නිසා තමයි පහුගිය ඡන්දෙදි ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවේ.
ඉතාම කණගාටුයි. තුවාල ලැබූ අයට ඉක්මන් සුව ලැබේවා.
බස් රියදුරන්ගේ විනය අන්තිමයි.. මත්ද්‍රව්‍ය පාවිච්චි කර කර පිස්සන් වගේ එළවනවා. පව් අසරණ මගීන්...
මෙවැනි අනතුරුදායක, වංගු, කඳුපල්ලම් ආදිය ඇති පටු මාර්ග වල, රාත්‍රී මගී බස් රථ ධාවනය තහනම් කළ යුතුයි. මත්වතුර, මත්කුඩු වැනි දෑ ගිලදමා සුක්කානම අතට ගෙන, ඔවුන් ප්‍රවාහනය කරන අසරණ මගීන්ගේ ජීවිත තඹ දොයිතුවකට ගණන් නොගන්නා ගොබ්බ රියැදුරන්, හරක් වගේ බස් එලවනවාද කියා දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි...! සමහර පොලිස් මාර්‍ග බාධක වලදී මෙවැනි "මිනීමරු රියදුරන් " අල්ලා ගත්තත්, තවත් කොතරම් ප්‍රමාණයක් ගැලවී යනවාද? බසයක් ගමන් ආරම්භ කිරීමට පෙර, ඔවුන්ගේ breathing test පරීක්ෂණ කිරීමත් ඵලදායි නොවේ. අතරමග තේ බොන්න නවත්වන "තේ කඩ " වලින් පවා කසිප්පු, මත්කුඩු ආදිය පහසුවෙන් ලබාගත හැකි නිසායි..
ලාබ පෙන්වන්න අමානුෂික අන්දමට එක දිගට පැය දහය දොළහ නිදිමරාගෙන රියැදුරන් යෙදවීමේ අවදානම කොපමණද? අනතුර සිදුවන විට ඔහු පැය හයක් බසය පදවා ඇත. ගමනාන්තයට ගියා නම් පැය දොළහටත් වැඩිවිය හැකිව තිබුණි. රාත්‍රී කාලයේ යන මෙවැනි ගමන් සඳහා රියැදුරන් දෙදෙනෙකු නොයොදවන්නේ ලාබ පෙන්වීමටද? තවද රියැදුරන් මත්ද්‍රව්‍ය ගන්නේ දැයි සොයා බැලිය යුතුයි. අසරණ මගීන් මෙසේ බිල්ලට දීම කොතරම් අසාධාරණද? දියුණු රටවල මෙවැනි දේ සිදු නොවේ...
මේ අනතුරට හේතුව තවම දන්නේ නෑ. බොහෝ විට බසයේ දෝෂයක් වෙන්න පුළුවන්. මේ බස් හරි පරණ බස්. අලුත් ආන්ඩුවක් හෝ ඇමැති කෙනෙක් පත් වුණාම පරණ බස් හදලා ධාවනයට එකතු කරනවා. පරණ බස් හැදුවාට දෝෂ එන එක නවත්වන්න බෑ. වෙන රටවල අවුරුදු පහකින් විතර බස් රථ ධාවනයෙන් ඉවත් කරන්නේ ඒ හේතුව නිසා...