(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රුමේනියාවේ නව තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේදී පැවසූහ.
එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
රුමේනියාවේ සැලකිය යුතු ශ්‍රී ලාංකික ජනගහණයක් ජීවත් වන හෙයින් ඔවුන්ගේ දුක්ගැනවිලි සොයා බැලීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් එහි නොමැති වීම නිසා එම ජනතාව බොහෝ අපහසුතාවයන්ට පත්වන බව කමිටුව මෙහිදී පෙන්වා දුන්නේය.
එහිදී නිලධාරීන් ප්‍රකාශ කළේ රුමේනියාවේ තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි. සේවක සංඛ්‍යාව දැනටමත් අනුමත කර ඇති හෙයින් තානාපති කාර්යාලය පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවද ඔවුහු පැවසූහ.
ඒ සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව කටයුතු කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි.එම්.එෆ් එකේ ණයත් ලැබුනා නේ නේද ?
තව පොහොට්ටුවෙ අපතයො රැසකට ජොබ් ටිකක් ලැබෙයි වගේ
IMF ණය ගෙවන්නේ රුමේනියාවේ ඉන්න ලාංකිකයෝ ඒන සල්ලිවලින් වෙන්න ඇති. ඒහෙම නැති නම් ඇමතියෙකුගේ ළමයෙක් රුමේනියාවට යවන්න ඇති ඉගෙනගන්න.