(රංජන් කස්තුරි)

රුමේනියාවේ රැකියා දෙන බවට පවසා පුද්ගලයන්ගේ රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන විදේශ රැකියා ආයතනයක හිමිකාරියක අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි.

රාජගිරිය ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය එම සැකකාරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි තිබී  විදේශ ගමන් බලපත්‍ර 23ක් ද තවත් ලියකියවිලි  රැසක් ද සොයාගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු පවසති.