(ඩී.ජී.සුගතපාල, සුමතිපාල දීයගහගේ)
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා නැවත ගාල්ල බන්ධනාගාරය වෙත ගෙන එමින් සිටි සැකකරුවකු බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි අද දහවල් පලාගොස් ඇත.
මෙසේ පලාගොස් ඇත්තේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි ගාල්ල ආනන්ගොඩ ආරච්චිගෙවත්ත පදිංචිකරුවකු වන ලියනගේ දමිත් කුමාරද සිල්වා නමැති 28හැවිරිදි සැකකරුවෙකි.
වරෙන්තු 9ක් ලබා සිටි මෙම සැකකරු ගෙවල් පහක් බිඳ දේපල සොකරම් කිරිම සම්බන්ධයෙන් අක්මිමණ පොලිසිය අත් අඩංගුවට ගෙන 16 වනදින අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එහිදි සැකකරු 23 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
සැකකරු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කරන ලදි.
මේ අතර සැකකරුට හදිසියේ ඇතිවු අසනිප තත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලේ 58 වාට්ටුවට ඇතුලත් කර ටිකට් කැපිමෙන් පසුව නැවත බන්ධනාගාරවෙත රැගෙන එමින් සිටියදි කලේගාන ප්‍රදේශයේදි බන්ධනාගාර බස් රථය වේගය අඩු කරන ලද අවස්ථාවක බන්ධනාගාර නිලධාරියකුද තල්ලු කරගෙන බිමට පැන පලාගොස් ඇත.
බන්ධනාගාර නිලධාරින් සහ ගාල්ල පොලිසිය එක්ව සැකකරු සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්බ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
365
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1010
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිමාන්ඩ් සැකකරුවෙක් පැන යයි