IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


’’රබර්’’ රට පුරා නෑගම් යන්න සැරසෙයි

 

(අංජුල මහික වීරරත්න)

සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවලට රබර් වගාව ව්‍යාප්ත කිරීම සඳහා නව රබර් ක්ලෝන 14ක් පරීක්ෂා කර අවසන් බව රබර් පර්යේෂණාතයනය පවසයි.

රබර් වගාව මින් ඉදිරියට සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ගත් තීරණයට අනුව මෙම පියවර ගෙන තිබේ.

ඒ ඒ ප්‍රදේශ වලට ඔරොත්තු දිය හැකි වගාවට සුදුසු මෙන්ම වැඩි කිරි අස්වැන්නක් ලබා ගත හැකි නව රබර් ප්‍රභේද හඳුනාගැනීමේ පර්යේෂණාත්මක වැඩ පිළිවෙළක් රබර්  පර්යේෂණ ආයතනය විසින් ආරම්භ කර ඇත. මේ වනවිට නව ක්ලෝන 14ක පරීක්ෂණ කටයුතු  අවසන් කර ඇති අතර තවත් ක්ලෝන 22ක පර්යේෂණ සිදු කෙරෙමින් පවතින බව රබර් පර්යේෂණායතනය කියයි.

 අවසානයේ දී අන්තර්වාර නිර්දේශ යටතේ ක්ලෝන 10ක් නිර්දේශයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙතෙක් කළුතර වැනි සම්ප්‍රදායික රබර් වගා කළ ප්‍රදේශ වලින් බැහැරව බදුල්ල, මොණරාගල හා අම්පාර වැනි වියලි දේශගුණයක් සහිත ප්‍රදේශවලට රබර් වගාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව මෙම වසරේ  හෙක්ටයාර් 115ක අලුතින් රබර් වගා කරන බවද රබර් පර්යේෂණායතනය කියයි.

 



අදහස් (0)

’’රබර්’’ රට පුරා නෑගම් යන්න සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site