
(අජන්ත කුමාර අගලකඩ)
නොවැම්බර් මස විදුලි බිල නොගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විදුලිය විසන්ධි කළ බව විදුලිබල මණ්ඩලය කියයි.
රුපියල් ලක්ෂ 55කට අධික බිලක් නොගෙවීම නිසා මේ ආකාරයෙන් විදුලිය විසන්ධි කර ඇත.
මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විකාශන කටයුතු විදුලි උප්පාදන යන්ත්‍ර මගින් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා දිනකට ඩීසල් ලීටර් 3220කට ආසන්න ප්‍රමාණයක් අවශ් යවන බව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක වහල දාන්න. ආණ්ඩුවට කඩේයන කාලකන්නි නිකමුන්ට පඩි ගෙවන්න තියෙන තැන...
කෙහෙළියගෙ ගෙදර ලයිට් කපන්නෙ නැත්තෙ ඇයි?
සැලලිහිනියො නුබ දන්නේ නෑ..
අපේ බදු මුදලින් නම් නඩත්තු කරන්න එපා... මේ පින් ආයතන....
ඔය හොරණෑව වහලාම දාන්න...!
දවසකට ලක්ෂ 12 ඩීසල් ගහන්න පුළුවන් ,මාස ගණනක බිල ගෙවා ගන්න බෑ, මාරයිනේ.
රනිල්ව ජනාධිපති කරපු පොහොට්ටුවේ අය කිව්වා නේද මේ මොහොතේ රට ගොඩනගන්න ඉන්න එකම ගැලවුම්කරුවා රනිල් කියලා. දැන් පේනවනේ රට ගොඩනගන්න හැටි... දවසින් දවස කඩා වැටෙනවා.
ඔය ආයතනයේ ඉන්න හැම කෙනාම වගේ ඔය ආයතනය සූරගෙන කනවා මිසක් ඒක ලාබලබන තැනට ගේන්නේ නෑ. හරියට විදුලිබල මණ්ඩලේ වගේමයි. නිවේදකයින් ගන්නේ නැතිව ඕකේ හිටපු නිවේදකයෝම අයින්වෙලා ෆ්‍රී ලාන්ස් විදිහට වැඩ. ගෙවනගාන පඩිය ගෙවනවාට වඩා 5-6 ගුණයකින් වැඩියි. අනෙක් අයත් එහෙමයි. පහසුකම් අකුරට ගන්නවා... ඒත් තමන් කනබොන, ජීවත් වෙන ආයතනයේ සුබ සිද්ධියට කිසි දෙයක් කරන්නේ නැහැ. ගසාකන්න පුළුවන් හැම තැනින්ම ගසාකන්න පුළුවන් හැමකෙනාම ගසා කනවා.. රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් නෙවෙයි, මෙන්න මේවායි ප්‍රයිවටයිස් කරන්න ඕනේ... කාටවත් යහපතක් නැති රටට කෙලවන ආයතන. ඕකෙ ඉන්න එක්කෙනෙකුට දැනෙනවාද දන්නෙ නෑ.. කී දාහක් බඩගින්නේ ඉන්නවාද කියලා එළියේ...
ඔය හොරණෑ කාරයින්ගෙන් රට සිදුවන යහපතක් නෑ. රටේ මිනිස්සුන්ගේ කාබාසිනියා කරන එක විතරයි කරන්නේ... ගුවන්විදුලියෙනුත් පිච්චියක වැඩක් නෑ...