(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රූපවාහිනී සංස්ථාව තමන් වෙත පවරා ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමියෝ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා අද ( 17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
විදානපතිරණ ඇසෝසියේටඩ් නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සම්හි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
රාජ්‍ය ආරක්ෂක සහ මහවැලි සංවර්ධන හා පරිසර යන අමාත්‍යාංශ දෙකක් ජනාධිපතිවරයා සතුව තිබියදී වෙනත් අමාත්‍යාංශයක් සතු ආයතනයක් පවරා ගැනීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව නොහැකි බවත්, එසේ කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳයි සර්.
මගේ ටිකිරි මොළයට හිතෙන්නේ ජාතික රූපවාහිනිය කියන්නේ ජනමාධ්‍ය ආයතනයක්. එය අයත්විය යුත්තේ මාධ්‍ය සම්බන්ධ අමාත්යාංශයකටයි. පවරා ගැනීමට අවශ්‍ය නම් මාධ්‍ය සම්බන්ධ අමාත්‍යාංශයම පවරාගත යුතුයි. මෙයත් නෙළුම් කුලුන වෙනුවෙන් දුන් කෝටි 200 ක් නැතැයි කියා කියන්න කිව් කෙනාගේම උපදෙසක්දැයි සොයා බලන්න..