(බිඟුන් මේනක ගමගේ)
ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තමන් දැඩි සේ හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම තත්ත්වය ජනමාධ්‍ය නිදහසට කෙරෙන අනතුරු ඇඟවීමක් යැයි ද එමගින් ජනාධිපතිවරයා සපයා ඇත්තේ වැරදි පූර්වාදර්ශයක් යැයි ද එම සංගමයේ සභාපති දුමින්ද සම්පත් හා ලේකම් ෆ්රෑක්න් ද සොයිසා මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.
ජනමාධ්‍ය හා ආරක්ෂාව යනු එකිනෙකට නොපෑහෙන විෂය දෙකක් බැවින් ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කිරීමෙන් එහි සේවය කරන ජනමාධ්‍යවේදීන්ට සිය සේවය ස්වාධීනව කරගෙන යා නොහැකි ලෙස බලපෑමක් එල්ලවන්නේ යැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
එක අතෙකින් මෙමගින් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතියට බලපෑමක් එල්ල වන අතර එය ඔවුන් බියවැද්දීම සඳහා ගනු ලබන ආරම්භක පියවරක් හැටියට සැළකිය හැකි යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ රැසක් ඉදිරියේ තිබියදී ගත් මෙම තීන්දුව සැකයට භාජනය වන්නේ යැයි ද එය වහා නිවැරදි කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
එය නිවැරදි කිරීම සඳහා ජනමාධ්‍ය විෂයට අදාළ කැබිනට් ඇමැතිවරයකු පත්කළ යුතු යැයි යෝජනා කරන්නේ යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
ජනාධිපතිවරයා හා ආණ්ඩුව අතර තිබෙන ගැටුම හරහා ජනමාධ්‍යට තර්ජනයක් එල්ල වන්නේ නම් ඊට එරෙහිව නැගී සිටීමට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නොපසුබට වන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන කරන දේවල් වලින් පිරෙහෙනවා මිසක් වැඩක් වෙන්නේ නැහැ .
ජනාධිපති කරලා තියෙන්න වැරදි වැඩක් . මේක පාටලිට දුන්නනම් මේකෙන් යකඩ මිනිස්සු පැටව් ගහන්න තිබුන කෝටි ගණන් වියදම් නොකර .
ඡනාධිපතිවරණය ගෙදර යන්න කිට්ටු වෙද්දි කරන දේවල් බලය අහිමිවෙද්දි කරන දේවල්. විපාක ගැන හිතන්නේ නෑ. ඉතිහාසයේ දුර්වලම නායකයා මොහුයි.
එතකොට ලංකාවේ පුරවැසිකමක්වත් තිබුනේ නැති උදවිය රජයේ ප්රවෘත්ති ආයතනවලට ආනයනය කිරීම ගැන විරුද්ධ වෙන්නේ නැතිද?
සිරිසේන උන්නහේ කරපු වැඩේ වැරදියි .. සමහරවිට ආන්ඩුව නීතිය ඉස්සරහට ගියොත් ආයෙත් වස නෝන්ඩිය වෙන්නේ ජනාධිපතිවරයාට..
අද සියත ටීවී එකේ හැටියට මේ ප්රශ්නය ගැන තීන්දු ගන්නේ දයාවට සිරි ය.හරිම කණගාටුයි මේ දෙපැත් නයා ගොවියා ඉක්මනින් ගෙදරම එලෙව්වේ නැති නම්.
අම්මප මේක නම් මහපොළොව නුහුලන අපරාධයක්. ඕක එකට පෑහෙන අමාත්‍යංශ වන මුදල් සහ ජන මාධ්‍ය යටතේම මංගල සර් අතේම තියෙන්න හැරිය නම් සර්ව සාධාරණ විදිහට අපට තොරතුරු ලැබෙන්න තිබුන. දැන් ඉතින් බොරුම තමයි අහන්න වෙන්නේ. රුපවානියෙන් අයි ටී එන් ඇහෙන ගෙඩි පිටින්ම ඇත්ත කතා කොයි තරම් මිහිරිද?
ඔය හෙලා දකින්නේ යු.එන්.පී වෘත්තීය ජනමාධ්‍යවේදීහු. ඒ ගැන සිරිසේන උන්නැහේ ගනන්ගන්න එපා.
මේවා කොහොමත් පක්ෂග්රාහී නාලිකා. මේවා නවත්වලා දාන්න ඕනා.
රුපවාහිනිය විතරක් නෙමේ අනික් ඒවත් ඔක්කොම හමුදාවට දෙන්න ඕනේ.
ඉතාම කාලෝචිත වැඩක් ජනාධිපතිතුමා කෙරුවේ, හරිනම් විනයක් තියන රටක් හදන්න ආරක්ෂක හමුදාවන්ට රටම භාර දෙන්න ඕන. එහෙමත් නැත්නම් "ගෝඨා" වගේ විනයක් තියන විශ්‍රාමික විරුවෙක්ට රට භාර දෙන්න ඕන.