(රංජන් කස්තුරි සහ බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද (9) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය භාරව කටයුතු කරන අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගන්නා බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (9) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය හා එහි පරිපාලනය සම්බන්ධයෙන් ඉකුත් කාලය පුරා ගැටලු සහගත තත්ත්වයක් පැවැතිණි.මංගල සමරවීර මහතා ජනමාධ්‍ය ධුරය හෙබවූ සමයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට ඉනෝකා සත්‍යාංගනී මහත්මිය පත්වූවාය.
පසුව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුරයට පත් රුවන් විජයවර්ධන මහතා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඉකුත් ජුලි මාසයේදී සංජීව විජේගුණවර්ධන මහතා පත් කළ නමුත් සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ඊට අවස්ථාව ලබා නොදී තනතුරේ දිගටම රැඳී සිටියාය.
මේ අතර ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් නැවතත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට රූපවාහිනියේ හිටපු නිෂ්පාදකවරයකු වූ කැළුම් පාලිත මහීරත්න මහතා පත්කළ ද ඔහුට ද රාජකාරි කර ගැනීමට සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ඉඩ ලබා නොදුන්නාය.
නව සභාපතිවරයා වශයෙන් පත් කළ කැළුම් පාලිත මහීරත්න මහතා පසුගිය 6 වැනිදා උදෑසන වැඩ බාර ගැනීමට රූපවාහිනී සංස්ථාවට ගොස් ඇති නමුත් ඊට ඉඩ නොදී සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ද දිවා කාලයේ පැමිණ සිය නිල කාර්යාලයෙහි සිට රාජකාරි කටයුතු කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් මාධ්‍යයට කෙරුන මරු පහරක්. දැන් ඉතින් එජාපයට දෙයියන්ගේම පිහිටයි.
අපි හිතුවෙ ආරක්ෂක අමා තියෙන්නෙ අපේ ආරක්ෂාවට කියලා. දැන් බලපුවහම ඒක තියෙන්නෙත් එයාලගෙ ආරක්ෂාවටනෙ
ගමරාල තිතට ම මැතිවරණයට වැඩ අල්ලාගෙන යනවා වගෙයි.කෝ......මේ මැකෝ.......
සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මියට හැදී ඇති රෝගය අපට හිතා ගන්න පුළුවන්. මේ රෝගය බොහෝ දෙනෙකුට හැදෙනවා. වැඩි පුර හැදෙන්නේ දේශපාලකයන්ට.
කලාකාරයෝ , කලාකාරියෝ මහලොකුවට පොර ටෝක් දෙනවා අපි හරි සංවේදී කට්ටිය , අපි වයසට යන්නේ නැත්තේ හිත හොඳ නිසා කියල . ඔය වගේ බයිලා අපි අහනවා නෙව ඔන්න බලන්න ඔය කියන එක්කෙනෙක් හැසිරෙන අපූරුව !( මේ කුලකයේ "ඊනියා " කුප්‍රකට කලාකාරියෝ කීපදෙනෙක් අපි දන්නවා නොව )
ඔච්චර දගලන්න ඕනයැ... දාපන්කො බැදුම්කරේ නම් ලිස්ට් එකම එලියට පිටු අතුරුදහන් නොකර.....ජනතාවට තීරනයක් ගන්න....යන්න කලින් ඒකවත් කරල ගියොත් නම රැකෙයි රටට එක හොද දෙයක් කලා කියලවත්..
විටෙක මට කිසිම බලයක් නැහැ කියා බෙරිහන්දී විටෙක මම තමා ඔක්කොම කලේ කියා තවත් විටෙක මම මොකුත් දන්නේ නැහැ මාව දැනුවත් කලේ නැහැ මේ කවුද ?
මෙහෙම පාලනයක් නැතිව අායතනයක් රටක් දුවන්න පුලුවන්ද ..? බල අරගලය සෑම තැනකම පැතිරිලා .. පාලකයන් රටම කොමඩියක් කරලා.යහපාලනය කෝ....?
ඔන්න ඕවනේ රුපවාහිනියේ පෙන්නන්න තියෙන්නේ. අපිට හිනා කකා බලන් ඉන්න.
ජාතික රූපවාහිනිය බලපු කාලයක් මතක නෑ
දේශපාලකයන්ට ගොට්ට අල්ලලා කෙල වෙච්ච රාජ්‍ය සේවකයන් ගෙන් මේ අය පාඩමක් ඉගෙන් ගන්නෙ නෑහෑ වගේ, ඔය ඉන්නෙ දෑහ් හිරේ ලොක්කන්ගෙ කීම්ට මිනී මරපු රන විරුවො. දේශපාලකය දෑන් අත හොදාගෙන පිරුවට ඈදන් ඉන්නෙ..
රටම හමුදාවට බාරදෙන්න මහත්තයෝ . දැන් ඉන්න හමුදාපති අපට දෙමාපියන් වගේ විශ්වාසයි
මේවා සියල්ල රාජපක්ෂ ලා ගේ වැඩ
මේ වා පසුපස මහින්ද හා සිරිසේන සිටිති .
ඡන්දයට පෙර වැඩ මෙහෙමනන්, ඡන්දයට පසු බලය ගත්තාම වැඩ කොහොම තියෙයිද?
මේකේ ප්‍රතිඵලේ එන්නේ මේක වෙන ලොකු සෙල්ලමක්. පැය 48ක් රැදීසිටින්න !
මේ හදන්නේ ජනපතිවරණයට තරඟ කරන්න වගෙයි.
ඡන්දෙට වැඩ පටන් ගත්තද? හැබයි දිනන්න නම් අමාරු වෙයි.
අලුතෙන් සභාපතිවරු කොපමණ පත්කළත් වැඩක් වෙනවද දැනට සිටින සභාපතිනිය ඉවත් නොකර ඉවත්කරන තුරු බලයේ සිටින පුද්ගලයට (ඇයට හෝ ඔහුට) තනතුරේ රැඳී සිටින්න බලය තිබෙනවා නේද ?