
(අජන්ත කුමාර අගලකඩ)
උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වු සිහිනයකි රෑ වැඩසටහන මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද වැඩසටහනක් ලෙස නැවත ප්‍රචාරය කිරිමට රූපවාහිනී සංස්ථාව කර ඇති ඉල්ලීම මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
එම වැඩසටහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගෙන් රුපියල් ලක්ෂ11 ක (රුපියල් 1,115,999 ) පමණ මුදලක් අයකර නැවත ප්‍රචාරය කිරිමට රුපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇත.
ඒ සඳහා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා විසින් ඉකුත් 21 වැනිදා මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් ද යොමු කරන ලැබූ අතර, එම ඉල්ලීමට ඉඩදිය නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ඉකුත් 22 වැනිදා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයාට ලිපියකින් දැනුම් දී ඇත.
රූපවාහිනියේ ගුවන් කාලය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වෙනුවෙන් වෙන්කර මුදල් අයකර ගැනීම ගැටලුවක් නොවුණද, කලින් පටිගත කළ වැඩසටහනක සංරක්ෂණ අයිතිය රාජ්‍ය දේපලක් වන බැවින් මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයකු වෙත එය ප්‍රචාරක දැන්වීමක් ලෙස යොදා ගැනීම සඳහා අලෙවි කිරිම ගැටලු සහගත බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සිය ලිපියෙන් දන්වා ඇත.
එබැවින් බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වූ සිහිනයකි රෑ වැඩසටහන මුදල් ගෙවා නැවත ප්‍රචාරය කිරිමට ඉඩදිය නොහැකි බවද මැතිවරණ කොමිසන් සභාව දැනුම් දී ඇත.
COMMENTS
රූපවාහිනි සභාපතිවරයා ඉල්ලා ඇත්තේ නොකළ යුතු ඉල්ලීමක්. ලක්ෂ 11ක් කියන්නේ සුළුපටු දෙයක්ද? මෙතරම් විශාල මුදලක් ගෙවා මේ අවස්ථාවේදී නැවත කෙරෙන මේ විකාශය තනිකරම මැතිවරණ නීතිරීති වලට පටහැනි දෙයක් බව සභාපතිවරයාට පෙනුනේ නැද්ද..? එසේම බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේ බව නොදැන සිටීමට ඔහු තොත්ත බබෙක්ද? ඔහුට ආචාර්ය උපාධියක් තිබිලත්, මැතිවරණය අවස්ථාවේ මෙවැනි දෙයක් ඉල්ලා සිටීම ගැන දැනීමක් තිබුණේ නැද්ද? මේවා ඡන්ද කාලයේ සිදුකළ නොහැකි මෙන්ම නොකල යුතු දේවල් නොවේද? මෙයින් වනුයේ රජය මහජන අප්‍රසාදයට ලක් කිරීමයි. බුද්ධිමත් ඡන්ද පදනම මේ නිසා අඩුවිය හැකි වෙනවා නේද? මඳක් සිතා බලන්න ඇමතිතුමනි, මේ අයුරින් අනෙක් අපේක්ෂකයන් ඉල්ලීමක් කළහොත් ඔබතුමා ඒ ගැන මොනවා නොකියාවිද? මේ පුංචි රටේ එක ඇමැති කෙනෙකුගේ එක ප්‍රචාරක දැන්වීමකට පමණක් මේ තරම් විශාල මුදලක් ... මේ රටේ දේශපාලනය මේ තරම් රසවත් ව්‍යාපාරයක් වී පවතින අපූරුව අතිශයින්ම පුදුම සහගතයි.
බන්දුල මහත්තයා ගෑවුණොත් එක්කො විහිළුවක්, නැතිනම් නීතිවිරෝධී වැඩක්..
බලමුකෝ 2/3 අරගත්තාට පස්සේ ඔය කොමිෂන් වලටයි, කොමසාරිස්ලටයි වෙන දේ...
ආචාර්යද? දුරාචාර්යද?
ලක්ෂ 11කට පැයක ඇඩ් එකක් දාන්න පුළුවන් නම් මරුනේ...
බන්දුල ගුණවර්ධන නැමැත්තෙක් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටි, රූපවාහිනී නාලිකා මගින් පහුගිය දිනවල ප්‍රචාරය කරනවා මැකෝ දැක්කේ නැද්ද?
සභාපතිට මොකක්ද තියෙන අමාරුව මේක කරන්න? මේ මිනිස්සු තනතුරුවල ඉඳන් කරන්නේ දේශපාලනය... ටීවී එකේ ප්‍රවෘත්ති බලන්න බැහැ. ඒ තරමටම මේ අය කරන්නේ හිරිකිත දේශපාලනයක්...
රුපියල් ලක්ෂ 11ක් බන්දුල ගුණවර්ධන හොයාගත්තේ කොහොමද මේ ඉක්මනට..? ඔය ලක්ෂ 11 ඡන්දෙට ආයෝජනයක්නේ... ලක්ෂ 11ක් ආයෝජනය කරලා කෝටි කීයක් රටවැසියන්ගේ බදුමුදල් වලින් හොරාකන්නද මෙයාගේ මේ ප්ලෑන් එක..? මේ වගේ අයටද මිනිස්සුනේ, මුලාවෙලා, නුඹලා ඡන්දෙ දෙන්නේ... නුඹලාගේ දරුවන්ගේ ආත්මයන් පාවා දෙන්නේ...?
ආර්ථික ඔස්තාර් මේ වැඩසටහන ප්‍රචාරය කරන්න හැදුවේ ජනතාව ගසාකාපුවා මිසක් වෙන මොනවද? පුතා පොරක් වෙලා සින්දු කියනවා. දේශපාලුවන් මේ වගේ වැඩසටහන්වලට ගෙන්නුවට කවුද ඕවා බලන්න කැමති...
ජනමාධ්‍ය කාරයින්ට ලොකු ඉවක් වගේම තොරතුරු ජාලයක් තියෙනවා. සභාපතිට දැන් ඉව වැටුණා මේ අයට කෙලවුනා කියලා. ඉතින් ආණ්ඩුව පෙරළුණාම අනිවාර්යයෙන්ම මේ කේස් ඇදෙනවා. එතකොට ඔය අල්ලස් දූෂණ නඩු අරවා මේවා ඇදිලා. සභාපති කුඩුවට යනවා. එයින් බේරෙන්න උපක්‍රමයක් විදිහට මේ ආරක්ෂක පියවර ගත්තා...
පිනට තනතුරු ලැබුණාම ඔහොම සපත්තු ලෙවකන සභාපතිවරුන්ගෙන් මීට වැඩිය දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.. එක රටක්, එක නීතියක්... කුරුණෑගල වෙන රටක්.. වෙන නීතියක්.. තුනෙන් දෙකම දීලා රට බේරාගමු.
‘‘සිහිනයකි රෑ‘‘ වැඩසටහනත් කෑවා.
දැන් ඔය වැඩසටහන දැකලා සිත පැහැදිලා ඡන්දෙ දෙන මිනිස්සු ඉන්නවද?
මෙය තමයි හොඳම උදාහරණය... 19 ව්‍යවස්ථාවේ වටිනාකම... මේක නැතිකරන්නද 2/3 බලය ඉල්ලන්නේ..?
ආචාර්ය උපාධිය ලැබුන විදියටම තමයි සභාපතිකම අරගෙන තියෙන්නෙත් කියල මම හිතනවා.
පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් ආචාර්ය විජේදාස රාජපක්ෂ සමග පැය ගානක සම්මුඛ සාකච්ඡාවක් පැවැත්තුව. මුදල් ගත් බවක් සඳහන් කලේ නෑ. මෙහි නීතිමය තත්වය කුමක්ද?
නීතිය කාටත් පොදු විය යුතුයි.
මේ පාර ගෙදර තමයි.
මැකෝ නම් මරු, ජනපති තනතුරු වලට පත් වෙන්න ඕන අය.
බොඳ වුණු බන්දුල සිහිනය, මැතිවරණ ප්‍රතිඵලයත් එහෙමම වෙයිද මන්දා?
සිහිනයක් වූ රැය... පව් ඉතින්...