IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රූපවාහිනී වැඩසටහන් අසූවක් පිනට කරලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ගාස්තු අය කිරීමකින් තොරව වැඩසටහන් 80 ක්  විකාශනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් තුන් කෝටියකට වැඩි මුදලක් 2020 වර්ෂයේදී  අහිමිව ගොස්  ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මෙම වැඩසටහන් වෙනුවෙන්   පැය 119 කට වැඩි ගුවන් කාලයක් වැය කර තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අතර රූපවාහිනී සංස්ථාවේ  ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි අක්කර 8 ක පමණ ඉඩම  සහ ගොඩනැගිලි සංකීර්ණයේ නෛතික අයිතිය පවරාගෙන එහි වටිනාකම මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත්  කිරීමට සංස්ථාව අපොහොසත්ව තිබූ බවද එහි සඳහන් වේ.

එසේම රුපියල් හත් කෝටි අසූ හතර ලක්ෂයකට වැඩි මුදලක ණය ගැතියන් 153 දෙනකුට එරෙහිව  සංස්ථාව නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව විගණන අංශ පෙන්වා දෙයි.

ඉතාලිය සහ යුරෝපයේ මැදිරියක රූපවාහිනී නාලිකාවක් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යෑමට රූපවාහිනී සංස්ථාව  රුපියල් තිස් හතර ලක්ෂයකට වැඩි මුදලක් පෞද්ගලික සමාගමකට මුදල් අමාත්‍යාංශ එකඟතාවයෙන් තොරව ගෙවා තිබුණද 2015 වර්ෂයෙන් පසු එම කාර්යය සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබූ බව පවසන විගණන කාර්යාලය එම අත්තිකාරම  අයකරගැනීමට 2020 වර්ෂය  අවසානය දක්වා කටයුතු කර නොතිබූ බවද  සඳහන් කරයි.

මේ අතර රූපවාහිනි සංස්ථාවේ ස්ථිර තනතුරු පුරප්පාඩු එකසිය අසූ දෙකක් හා වැඩ බලන තනතුරු 28 ක් 2020  වර්ෂය අවසානය දක්වා පැවතුණු  බව විගණන  වාර්තාවේ දැක්වේ.

තවද සංස්ථාවේ සභාපතිවරයාට ගෙවිය යුතු දීමනාවට අමතරව පන් ලක්ෂ හතළිස් අට දහසක විශේෂ දීමනා හා වෙනත් දීමනා 2020 වර්ෂයේදී  ගෙවා තිබූ බව පවසන විගණන කාර්යාලය ප්‍රවාහන සහ ඉන්ධන දීමනාවට හිමිකම් නොමැති නිලධාරීන් අනු නව දෙනකුට   රුපියල් කෝටියකට ආසන්න මුදලක් දීමනා වශයෙන් ගෙවා තිබූ බවද සඳහන් කරයි.



අදහස් (5)

රූපවාහිනී වැඩසටහන් අසූවක් පිනට කරලා

kamal Wednesday, 05 April 2023 04:32 PM

මේවාගේ පාඩු ලබන ආයතන පුද්ගලික අංශයට විකිණීම ජාති ද්‍රෝහී වැඩක්. මේවා ජාතියේ අභිමානය විදහා දක්වන ජාතියේ කැටපත්. මේවා අපි ඉනට නොඇඳ කුසට නොකා හරි රැකිය යුතුයි. එහෙම නේද සහෝදරයා, එහෙමනේද අපේ හාමදුරුවනේ?

:       0       0

ලුම්බිණි Wednesday, 05 April 2023 04:55 PM

මෙහෙම තමයි කට්ට්ටිය එකතුවෙලා හොරා කන්නේ.

:       0       0

අමර Wednesday, 05 April 2023 05:31 PM

චිචී රාජපක්සත් සින්දුවක් දාල ගෙදර අයව පුදුම කළා

:       0       0

ප්‍රේක්ෂකයෙක් Thursday, 06 April 2023 12:49 PM

ඕවා කරපු උන්ගෙන් ඕවා අයකරගන්නා. අපේ පිටට ඒවගේ ගානත් අල්ලලා බදු ගහන්නේ නැතිව.

:       0       1

wije Thursday, 06 April 2023 02:05 PM

ලොක්කන්ට පක්කලිකම් කරලා දැන් අවජාතිකේ වෙන්නයි යන්නේ... මේවා කාටත් පාඩම් බොලව්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site