
(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවල සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 355-360 ලෙස අද (27) සටහන් විය.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (27) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 337.82 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 350.49 ක් විය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක අද දින යාවත්කාලීන කළ විදේශ විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 355 ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කරන්න තියෙන්නේ රුපියල අවලංගු කර ලංකාවේ වලංගු මුදල් ඒකකය ඇමෙරිකන් ඩොලර් බවට පත්කිරීමයි.. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඇමෙරිකාවෙන් අහලා බලන්න. එතකොට මේ අර්බුද ඔක්කොම ඉවරයි.