ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය අද (17) 201 සීමාව ඉක්මවා පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (17) රුපියල් 201.75ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 197.58ක් ලෙසත් දැක්විණි.
මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේය.
ඉන් අනතුරුව ඊයේ (16) නැවත වරක් 200 සීමාව ඉක්මවා පහළ ගියේ ය.
මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 12 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.2 කින් අවප්‍රමාණය වී ඇත.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ඇහුනේ නැහැ.
කෝ කවුරුත් නැද්ද අපේ සර්ට ටූල්ස් දෙන්න?
හරියට නිකන් ආණ්ඩුව වගේනේ රුපියල හැසිරෙන්නේ.
එකතැන තිබුණොත් තමයි පුදුමේ...!!!
ආර්ථිකය ගැන ඇහුවාම අයියාව පෙන්නලා අයියාව පෙන්නලා හිකි හිකි ගාපු කෙනෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
ඇමෙරිකන් කාරයෙක් ජනාධිපති කළාම ඩොලර් එක නගින්නේ නැතිව බහින්නද කියන්නේ..?
සෞභාග්‍යයේ දැක්ම.. වැඩ අල කරන විරුවාගේ වැඩ...