(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 316.30 ක් ලෙසත් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 330.29 ක් ලෙසත් සටහන් විය.