(විමුක්ති එස් රුද්‍රිගු)
බන්ධනාගාර රැදවියන්ගේ සුවදුක් විමසීමට පැමිණිමට නොහැකි ඥාතීන්ට ඔවුන් බැලීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට හැකි වන පරිදි "ඊ විසිට්" සංකල්පය හඳුන්වා දී තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගරයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
වයස අවුරුදු 16-22 අතර වයස්වල සිටින මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය වන තරුණයින්ට විදේශ රැකියා සදහා පුහුණුව ලබාදීමට පියවර ගන්නා බවද කොමසාරිස්වරයා කීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ ඉදිරි සැළසුම් පිළිබදව දැනුවත් කිරීම සදහා මෙම මාධ්‍ය හමුව අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගරයේදී පැවැත්විණ.
පස් අවුරුදු සැළැස්මක් අනුව ප්‍රධාන යෝජනා නවයක් යටතේ මෙරට බන්ධනාගාර පද්ධතිය සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරමින් ඇති බවත්, බන්ධනාගාර තුළ සිට සිදු කරමින් පැවති වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම, ජංගම දුරකථන භාවිතය වැනි කටයුතු පාලනය කරමින් සමස්ත බන්ධනාගාර පද්ධතියම ප්‍රතිසංවිධානයට ලක් කර ඇති බවත් උපුල්දෙණිය මහතා පැවසුවේය.
පෞද්ගලික අංශයේ සහාය ලබා ගනිමින් වෘත්තිමය කුසලතාවලින් පරිපුර්ණව බන්ධනාගාර රැදවියන්ගේ තත්ත්වය උසස් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ තුළින් රැදවියන්ගේ දක්ෂතාවයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සදහා ආදායම් මාර්ග උපයා ගැනීමේ හැකියාව පවතින බවත් උපුල්දෙණිය මහතා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රැඳවියන්ට වීඩියෝ තාක්ෂණය