
(නිමල කොඩිතුවක්කු)
පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවූවන් පිරිසක් සඳහා විශේෂ රාජ්‍ය සමාවක් හිමිවී තිබේ.
ඒ අනුව සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවූවන් 289 දෙනෙකු සඳහා අද (21) දිනයේ විශේෂ රාජ්‍ය සමාව ලබාදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතන මගින් අදාළ කොන්දේසි අනුව සුදුසුකම් ලත් සුලු වැරදි සඳහා බන්ධනාගාර ගත වූ රැඳවියන් පිරිසක් මෙලෙස නිදහස් කර ඇති අතර පිරිමි 283 ක් හා කාන්තා 6 ක් ඒ අතර වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd