
(යොහාන් භාසුර)
පොසොන් පෝය නිමිත්තෙන් රටපුරා බන්ධනාගාරවලින් රැඳවියෝ 173 ක් අද (14) පෙරවරුවේ නිදහස ලබා පිටව ගියහ.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යංශයේ නිර්දේශ මත දඩ මුදල් අහෝසිවීමෙන් වූ රැඳවියන් 141 ක් සහ දඩුවම් කාලය දින 14 ට අඩු රැඳවියන් 32 ක් මෙහිදී නිදහස ලැබූහ.
මෙහිදී වැඩිම සංඛ්‍යාව ලෙස වැලිකඩ බන්ධනාගාරයෙන් රැඳවියෝ 23 ක් නිදහස් වූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd