
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සහ අත් බෝම්බයක් සන්තකයේ තබා ගත්තේ යැයි කියන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රැඳවුම් නිවසක රඳවා සිටි පාසල් සිසුවකු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු සපයන අතරතුර බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ පලා ගොස් ඇත්තේ පානදුර දොඩංගහවත්ත බෙත්මෙගම ප්‍රදේශයේ පදිංචි සිවෙකි.
පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මෙම ළමයා මාකොළ පිරිමි ළමා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිට ඇත.
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය වූ ඊයේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ විභාග මධ්‍යස්ථානය වෙත කැඳවාගෙන පැමිණ ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකකාර ළමයා විභාගයට පෙනී සිටින අතර තුර ඔහුට වැසිකිලි යාමට අවශ්‍ය බව ශාලාධිපතිනිය දැනුම්දී ඇති අතර ඒ අනුව බන්ධනාගාර නිලධාරියා සැකකරු විභාග ශාලාව අසල පිහිටි වැසිකිළියට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඒ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරියා තල්ලුකර දමා ඔහු පළාගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
සපුගස්කන්ද පොලිසියට මේ බව පැමිණිලි කිරීමෙන් පසු ළමයා අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd