
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එ\ක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට තීරණය කරන ලදැයි පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවසීය.
ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් එම මන්ත්‍රීවරුන්ට අද හෙටම ලිපි යොමු කරන බවද හෙතෙම සඳහන් කළේය.
විනය ක්‍රියාමාර්ග වලින් පසු ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කෙරෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.
ඔවුන් සම්බන්ධයෙන් වහාම විනය පියවර ගන්නා ලෙස පක්ෂයේ ක්‍රියාකාරීන් ඉල්ලීම් කරමින් සිටින බව පැවසූ ලේකම්වරයාමේ දිනවල ඊට අවශ්‍ය මූලික කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ අපේක්ෂකයාට සහාය නොදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ගිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 92කි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කරනු ලැබුවේ එහි දේශපාලන මණ්ඩලය විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගර දොට්ට දානවා... නාමල් අඬගහනවා...
ඔහෙත් රාජපක්ෂලා වගේම ලංකාවේ දේශපාලනයෙන් මෙදාපාර හේදිලා යන චරිතයක්. අර 92 නම් ඡන්දෙන් පත්වෙලා ආපු අය, ඔහේ ඡන්දය ඉල්ලුවා නම් ඡන්ද 100 ක් නොලැබෙන කෙනෙක්. ජාතික ලැයිස්තුවෙන් ඇවිත් දැන් පොරක් වෙන්න රඟපානවා...
ඒක කරන්නම අත්‍යාවශ්‍යයි. ගිය හොරු ටික එළවලා ඉන්න අයව දැන්වත් හදලා අරන් රට වෙනුවෙන් ආයිමත් වැඩ කරන්න අර මුලින්ම ආපු කාලයේ වගේ. දැන්වත් පාඩමක් ඉගෙන ගන්න. මේ පාර දිනුවේ නැතුවාට ප්‍රශ්නයක් නෑ. ඉදිරිය ගැන කල්පනා කරලා වැඩ කරන්න. එයින් නොම්මර එක තමයි හොරුන්ව නැවතත් ළඟට නොගන්නා එක...!
පොඩ්ඩක් ඉවසන්න... අපි ඔක්කොම එළියට දානවා...
ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැහැ. ඒ කියන්නේ කවදාකවත් මහත්මා ගතිගුණ නැවත මේ රටේ පරපුරට කියාදෙන්න කෙනෙක් නැහැ කියන එකයි.
ඕක නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි නේද සාගර මහත්තයෝ? ඔය වගේම තමයි ඔයාලා ලඟටත් කට්ටිය පැන පැන ආවේ. එදා ඉඳන්ම මේ මන්ත්‍රීලා කෙරුවේ වාසි පැත්තට පනින එකමනේ. සැලුන් දොර ඇරලා වැඩේ හොඳටම කලේ ඔයාගේ ලොක්කා නේද? දැන් ඒක පාරා වලල්ලක් වෙලා. කවුද මේ දක්වා ඔය පනින එක නතර කරන්න කටයුතු කලේ. NPP එකේ එක ප්‍රධාන පොරොන්දුවක් තමයි ඔය එහෙට මෙහෙට පනින එක නතර කිරීම. එයාලට සහයෝගය දීලා බලන්න.
රනිල් නොහිටින්න වුනේ මොකක්ද කියලවත් හිතාගන්න බැහැ. කළගුණ සැලකීම ගෑවිලාවත් නැති කෙනෙක් අරගලය වෙලාවේ නැට්ට පස්සේ ගහගෙන හැංගිලා ඉඳලා යන්තමින් වාරුවක් ලැබිලා නැගිටින්න උදව්වක් කල කෙනාගේ පස්සට පයින් ගහන්න කටයුතු කිරීම තිරිසන් ලෝකයේ වත් දකින්නට නැහැ ඔය දැන් ඉදිරිපත් කල අපේක්ෂකයා දක්ෂයෙක් නම් ඇයි සාගර අරගලය වෙලාවේ ඉදිරිපත් නොකලේ කියන්න. ඒ ගමන් කියන්න ඕනෑ මැතිවරණ වෙලාවේ පනින ගෙම්බන්ට හැමදාම අස්කරනවා කියලා ලියුම් යැව්වත් කිසිදාක කිසිවෙක් තවම නම් අස්කර ගන්න බැරිවුණා...
අවස්ථාවාදියා අවස්ථාවාදියාමයි... මහජනතාවට සේවය කරන්නේ මන්ත්‍රී වෙලා කොස් ඇටයක්වත් පැළ නොකර තමන්ගේ බඩගෝස්තරේ රැකගන්න ආයේ මොකටද පක්ෂයකට?
එල්ලෙන්න වැල් නැති වෙලාවේ... මහ අයට රනිල්ගේ වලිගෙ එල්ලෙන්න හොඳයි. දැන් එයාට සහාය දෙන්න ගියාම ඔවුන්ට විනය නීති. ජනතාවනි, බඩගෝස්තරවාදය තේරෙන්නේ නැතිද? මෙහෙම වෙලා මදි...
සැප්තැම්බර් 21 න් පස්සේ ඔක්කොම එළියේ...!