
(අංජුල මහික වීරරත්න)
සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ නිල කර ලේන්සුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැළඳවීම කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද සිදු කෙරිණි.
සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ සම සභාපතිනී චමෝදිකා ලෝවි මෙනවිය විසින් රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ ලේන්සුව පැළඳවීම සිදු කෙරිණි.
මීට මසකට පමණ පෙර ස්වර්ගස්ථ වූ ආචාර්ය ඩබ්ලිව්. චම්පික ලෝවි මහතා විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ දෙවැනි බාල දක්ෂ සංගමය වන සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ බාල දක්ෂ සේවා හා මහජන සම්බන්ධතා මාසය අදින් (23) ආරම්භ වූ අතර ඒ නිමිත්තෙන් මෙම ලේන්සු පැළඳවීම සිදුකෙරිණි.
සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ වැඩ මාසය නිල වශයෙන් ඇරැඹීමද මෙහිදී සිදුවිය. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක පලන්දන්න ලංකාවේ වෙන කෙනෙක් නැද්ද? අපේම රටේ බාලදක්ෂයෝ මැරුවේ කවුද කියලා එයාගෙන්ම අහන්න.
කර පටිය දාපු එක හොඳයි, දැන් බන්දාලා තියන්න පුළුවනි . නැතිනම් ජම්පරේ අන්දන කාලෙට හොයගන්න බැරි වෙනවා
මොකටද මේ මිනිහට බලදක්ෂ ලේන්සුව… පොල් ගන්නද… ලොවේ කියන්නේ වැඩකට නැති පරපුරක් වෙන්න ඕන.
මෙවුං බාන බාල දක්ෂ නෙවෙයි බොලව්, නාකි අදක්ෂ!
බාල දක්ෂ සංගමය? හිටපු ජනාධ්පතිට ලේන්සු පැලැඳවීම? වජිර අබේවර්ධන සහභාගි වීම? කන්පියුස් අප්පා?
ඕවා පැලඳුවට , මෙයා බාල වැඩ කරන අදක්‍ෂයෙක් බව මුලු රටම දන්නවා.
ලේන්සුවකුත් නිකම්ම ලැබුණ එකේ පාරක්, පාරක් ගානේ ඇවිදින්න තමයි තියෙන්නේ, කීයක් හරි ලේන්සුවට වැටෙන්නෙ නැතෑ
බාලදක්ෂයෙක්ට නම් සුදුසුකම් හොඳටම තියෙනවා, පහේ ශිෂ්‍යත්වයටත් ඉදිරිපත් කරලා බලන්න ඕනා පූංචි පහේ හපනෙක්ද කියලා....
ලේන්සුව බෙල්ලේ නොදා දෙන්නටම අමුඩේ ගැස්සුවා නම් හරි.
මොවුන් බාලදක්ෂ ව්‍යාපාරයේ ගෞරවයත් නැති කරනවා.
වැල් පාලමෙන් යන්ඩ කියපු පින් ජනපතියා අමුඩ ලේන්සුවක් තමා හරියන්නේ?