
(අංජුල මහික වීරරත්න)
අවුරුද්දයි මාස අටකදී රට හරි පාරට ගත් ජනපතිට වසර දොළහක් රට බාර දුන්නොත් ආසියාවේම බලවත් රටක් බවට පත් කිරීම සුළු කාරණයක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
යන්න තිබෙන පාර හොඳාකාරවම පැහැදිලි නම් වෙනත් පාරවල් පෙන්වා ජනතාව මුලා කිරීම ජාතියට කරන පාප කර්මයක් බවද අබේවර්ධන මහතා කීය.
පිටකෝට්ටෙි සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
හොරා හොරා කියමින් හොරු අල්ලන්න කියමින් හිටියාට වැඩක් නැතැයි ද ඊට නීති රීති අවශ්‍ය බව ද කී අබෙිවර්ධන මහතා දැන් ආසියාවේ බලසම්පන්නම දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන බව කීය.
දූෂණය පාලනය කරන්නට ආදායම් බදු අංකය ඉතා වැදගත් බවද අයථා මුදල් පරිහරණය නතර වන්නේ යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමු කැවිලද?
දෙන්න තමයි අපි මේ බලගෙන ඉන්නෙ. ඡන්දෙ තියන්න ඉතින්...
හැරමිටියෙන් යන ජනපතිවරයෙක් ලංකාවට ඕනෑද? රනිල් අමරණීයද? නැත්නම් කියන අයට මොලේ කොලොප්පම් වෙලාද?
අපි සජබෙ...
අමු කැවිලාද?
කයියනායකට වඩා නම් එයාගේ පරණ යාළුවා - රනිල්තුමා ගව් ගාණක් ඉදිරියෙන්. ඊයේ පාර්ලිමේන්තුවේදීත් රනිල් මහත්තයා මතක් කළානේ එයාට අනුර දිසා යහපාලන කාලේ උදව් පදව් කළහැටි...!
ඇයි අඟහරු ලෝකෙත් සංචාරයක් ගිහින් එන්නද? ඒකට නම් ණය ගන්න අමාරු වෙයි. VAT එකේ සහ විදුලි බිලේ සල්ලිත් මදිවෙයි.
එතකොට හොරු අල්ලන්න දැන් රටේ නීති රීති නැද්ද? මේ වගේ ගොං කතා කියල තවදුරටත් ජනතාව රවට්ටන්න බැහැ. අනික මොන දේ කරන්නත් ජනවරමක් තියන්න ඕනේ. ඔයාට හෝ රනිල්ට හෝ අද ජනවරමක් නැහැ. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර හඳුන්වා දුන්නේ පරාජිතයන්ට පාර්ලිමේන්තුවට එන්න හෝ විව්‍යස්තාවේ තියන හිලෙන් ජනාධිපති වෙන්න හෝ නොවේ. එම ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය තියන්නේ දක්ෂ බුද්ධිම්නතුන්ට අවස්ථා දීල රට හදන්න. නමුත් කනගාටුයි, අද සුදුස්සන්ට සුදුසු තැනක් නැහැ. වෛද්‍ය රමේෂ් පතිරණට මෙච්චර කල් දුන්නේ වැවිලි කර්මාන්ත. අද රටේ මහජන ආරක්ෂක ඇමතිකම දීල තියන්නේ බරපතල චෝදනා එල්ලවී තිබන කෙනාට සහ වෙළඳ ඇමතිකම දීල තියන්නේ පට්ට දූෂිතයකුට, ඒ වගේම අධිකරණයෙන් දඬුවම් ලබපු කප්පම්කාරයකුටත් ප්‍රබල ඇමතිකමක් දීල. මෙවැනි තත්වය උඩ රටේ ජනතාවට හෝ ජාත්‍යන්තර ප්‍රජාවට හෝ විශ්වාසයක් ඇති වෙන්න නැහැ.
දූෂිත පවුල් පාලනේ අය රකින එක හැරෙන්න පින් ජනපතියා කරන කෙහෙල් මලක් නැහැ. රට සවාරි නම් ගහනවා. රනිල් අවුරුදු 12 ඉඳීවි කියලා කවුද දන්නේ...? තමුන් වගේ මොලේ උඩ ඉන්න අය නම් කැමැති ඇති...!
ඇයි තමුන්නැහැලා හොයා ගත්තු ප්‍රමාණය මදිද...?
කට තිබුන පලියට දොඩ වන්නේ නැති ව ඉන්න...
මේකටත් සාගලට වගේම ඇරලා ඇති
වජිර කියනවනම් දෙමු නේද?
අපි මොකටද දෙන්නේ ?ලයිට් කණුවක් යටට වෙලා පොතක් කියව කියව උන්නා නම් එන කෙනා කතාකරලා දෙයි
අවුරුදු 12 මදි ,ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව දෙන්න ඕන
එහෙම නොදුන්නොත් ඉතින් ඔයාටත් ආයේ කල්පෙකටවත් පාර්ලිමේන්තු බුරියානි කන්න ලැබෙන්නේ නැහැනේ නේද ?
අවුරුදු 40 ක් විතර කරපු ඒවගේ ප්‍රතිපල පේනවානේ .තව අවුරුදු 07 ක් දුන්නා නම් ලෝකයේ දුප්පත්ම රට කරලා තමා නවතින්නේ
අනේ මොංගල් ද ඩාර්ලින්....:
මී හරකා