(අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත මගින් ඇති කරන මධ්‍යස්ථානය කළු සල්ලි මධ්‍යස්ථානයක් නොවේ නම් එය සනාථ කරන සංශෝධන පනතට ගෙනැවිත් පෙන්වන්නැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
මෙි සම්බන්ධයෙන් නීතියක් ගෙනැවිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද උපදෙස් ගෙන සම්මත කරගත යුතු බව කී වික්‍රමසිංහ මහතා හැම රටකම මෙවැනි නීති තිබෙන බවත් එසේ නැතිව රෙගුලාසි පමණක් හදන්නේ නැති බවත් කීය.
එමෙන්ම වරාය නගරය මහ බැංකුවේ සම්පූර්ණ පාලනයට නොදෙන්නේ ඇයි?වරාය නගරය පාර්ලිමේන්තු පාලනයෙන් ඉවත් කර ඇත්තේ ඇයි? පාර්ලිමේන්තුවෙන් මෙම නීති සම්මත කරන්නට බල තල නොදෙන්නේ ඇයි? යනුවෙන් ප්‍රශ්න කළ හිටපු අග්‍රාමාත්‍යවරයා නිසි ක්‍රමවේද අනුගමනය නොකළ හොත් සිතන්නට සිදුවන්නේ මෙය කළු සල්ලි මධ්‍යස්ථානයක් හැටියට බවද කීය.එවැනි දෙයක් සිදු වුවහොත් එය ලංකාවේ ආර්ථිකයට මරු පහරක් වන බවත් හරියට කටයුතු කරනවා නම් මේ තත්ත්වයෙන් ගොඩ එන්නට හැකියාව තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා වරාය නගරය පිළිබඳව විශේෂ ප්‍රකාශය කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ පාලනය තිබිලා අවුරුදු 70 තිස්සේ මේ රටට වුණ විනාශය වරාය නගරයටත් කරන්න ද හදන්නේ. අනෙක් එක කළු සල්ලි සුදු කරන ස්විස්ටර්ලන්තය, ලෙච්න්ස්ටයින්, සීෂෙල්ස්, මොනාකෝ, මැකාවෝ වගේ රටවල් බලන්න. අපේ රටෙත් කළු සල්ලි අයෝජනය කල යුතුයි.
මෙයාගේ අභියෝගත් අභියෝගද? මොන තරාතිරමක ඉඳලද අභියෝග කරන්නේ? විකාර කියවනවා.
ඒතකොට අර මහබැංකු මංකොල්ලය ගැන ඔබතුමා මොනද කරලා තියෙන්නේ
හඳ මෝරන කොට, පෝය ළඟා වෙනකොට මොලේ ගැටළු තිබෙන උදවියගේ අදහස් තව තවත් විකල් වෙනවා යන පැරණි කියමන කොතරම් දුරට සත්‍යද යන්නට මෙයත් කදිම උදාහරණයකි. පෝය ගෙවී ගොස් දින කීපයක් යනවිට මේ අපේ සූත්තර පුංචා යථා තත්වයට පැමිණෙනු ඇත.
මෙයාට මරුවැලක් පෑගිලා වගේ... ඔය හදන්නේ හම්බන්තොට වරායට කරපු අපරාධය කරන්න. මේ තමයි මව්බිමේ සාපය..
පාර්ලිමේන්තුවට එන්න .. නැකැත් බලන්න එපා දැන්.. ඇවිත් පාස් අයවත් දැනුවත් කරන්න.
අපි ඔයාට අභියෝග කරනවා... පුලුවන් නම් අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්නලා දෙන්න කියලා....
කලු සල්ලි ජාවාරම කරන්න පුළුවන් වෙයි කියලා හිතනවද? ඒවා කලු වුණත් ස්විස් බැංකුව වගේ මේවායේ දමාවිද? ජාත්‍යන්තර නීති ඉඩදෙයිද? චීනත් එක්ක තරහා අපේ පිටින් යවලා සම්බාධක දමාගන්න වැඩක් මේක...
මෙතුමා කියන්නේ ඇත්ත...
තමන්ගේ වල ලෑස්ති කරගන්නේ නැතිව, තවත් ලැජ්ජා නැතිව එනවා රට හදන්න.