
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.
"සංචාරකයින් ඉලක්ක කර ගනිමින් එල්ල වූ පිළිකුල් සහගත ත්‍රස්ත ප්‍රහාරය ගැන දැනගත් විට මම බලවත් කණගාටුවට හා කම්පනයට පත් වීමි. මෙම සාහසික අපරාධය තරයේ හෙළා දකින අතරම, මම ඔබටත්, ඉන්දීය රජයටත්, ජනතාවටත්, විශේෂයෙන්ම විපතට පත් වූවන්ගේ පවුල් වල සාමාජිකයින්ට අවංක ශෝකය ප්‍රකාශ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
සාමය පිරි අනාගතයක් ගොඩනැගීම සඳහා එක්සත් වීමට ඔබ ඉදිරියට එන බව මට විශ්වාසයි ,යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ගැවූ ලිපියේ සඳහන් වේ.

COMMENTS
ආණ්ඩුව කරන්න ඕනදේ. දැන් මතක් වෙයි
විරැකියාවෙන් ඉන්න වෙලාවේ, කාන්සිය මකාගන්න පෙම් හසුනක් යවන්න හිතිලා.
පොර මාර ආතල් එකක් ගන්නේ
මේ විදිහේ ලියුමක් ලියන්න බලයක් තියෙනවද හිටපු ජනාධිපති කෙනෙකුට මේ වගේ ලෙටර් හෙඩ් එකක් පාවිච්චි කරලා?
කොට ඇදපු ජනපති නිසා ඉහළ ප්‍රතිචාරයක් දක්වාවි...
මෙන්න රටේ සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයා. දැන් පච මෝලාත් කාට හරි කියලා ලියවගෙන ලියුමක් අරියි.
බටලන්ද අපරාධයන් හෙලිදකින බවත්... එම මිනීමැරුම් සඳහා තමුන් අල්ලා සිරගත කිරීම ඉදිරියට එන බවත් මට විශ්වාසයි... ඉන්දීය අගමැතිට දන්වා ඇත
මම හිතන්නේ නැහැ... මෝදි වැඩකට නැති උන්දැලාගේ ලියුම් කියවනවා ඇති කියලා..., ඊයේ පෙරේදා ලංකාවට ආපු වෙලාවේ හම්බවෙන්න වත් කැමැති වෙලා නැහැනේ සූත්තර පුන්චාව...
වෙන කරන්න වැඩකුත් නැති නිසා, කවුරුවත් ගණන් ගන්නෙත් නැති නිසා දැන් ලියුම් ලියලියා ඉන්නවා.
මෙයා හිතන් ඉන්නේ තවම ජනාධිපති කියලා...
තුන් වතාවක් පරාජිත ජනාධිපති කියලා වෙනස් කරන්න.
පොර පාස්කු දවසේත් ඔය විදියට හෙලා දැක්කා නේද? ගහනවා කියලා ලියුම් පිට එවලා තියෙද්දීත්...!
අර හාදයා නම් ත්රස්තවාදීන් හෙලා දැක්කේ නැහැ තාම, මොකද මිනිහා සිංහල අවුරුද්ද සමරන්න ලැජ්ජා වුණාට නෝම්බිත් සමරපු එකා නේ, ඉතින් කොහොමද ත්රස්තවාදීන්ට විරුද්ධ වෙන්නේ...!
රනිල්ව දැක්ක ගමන් මාලිමා කයිතන්ලට භූමි තෙල් ගෑවුණ ගැරඩි වගේ තමයි.
බටලන්දේ උන්ට ශෝක ප්‍රකාශ කළාද මේක?
ලියුමේ දෙවෙනි ඡේදයෙන් මෙයා මෝදිට පොර ටෝක් දෙනවා. මෙයා අගමැතිවෙලා ඉන්දැද්දී, රටෙන් භාගයක් කොටින්ට ලියලා දෙන්න ගියේ, චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවලා තමයි රට මේ මාර පුත්තරයාගෙන් බේරගත්තේ...
මෝඩ මාළුමාවන් හිතාගෙන ඉන්නේ මෝදි කතා කරන්නේ අනුරට විතරයි කියලා...
මෝඩ මාලිමාවුන් ගැන කණගාටුයි.
ඔය ලිපිය ලියන්න තිබුනේ. මෙහෙම. අපේ රටෙත්. මෙහෙම දේවල් වුනා. මට හොද අත්දැකීම් තියෙනවා. නගරයෙන් පිට. ඈත ගමක. පෝරකයක් ලැස්ති කරලා. ද්සවද දීලා. ඔවුන්ව මරන්න. ඔබට බලය තියෙන නිසා. පවුල් උදවියටත්. කිසිම දෙයක් කරන්න බැහැ පොලිසියත්. හමුදාවත් උදව්ට අරගන සේරම එල්ලා මරන්න. මගෙ පාලනය කාලේ. මම කෙරුවෙ එහෙමයි මීට බටලන්දේ රනිල් රාජපක්ශ
ඔබ ඡන්දයකින් ලංකාවේ ජනතාව තෝරාගත් නායකයෙක් නොවන බව මෝදි ජනාධිපතිතුමා හොඳින්ම දන්නවා. මේ ලියුම් යැවීමේ පරමාර්ථය තමා පොරක් බව අපේ රටේ සමහරක්ට දැනගැන්වීමට සැලැස්වීමක් පමණි.