
(යොහාන් භාසුර)
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් ගාලුමුවදොර අරගල භූමියේ සිට පැමිණි පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස පිහිටි කොළඹ 7, පස්වැනි පටුමග ප්‍රදේශයේ අද (13) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ.
එම පිරිස විවිධ පාඨ සහිත පුවරුව ප්‍රදර්ශනය කරමින් පස්වැනි පටුමගේ විරෝධය ප්‍රකාශ කර විසිර ගියහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජෙප්පන්... මදැයි නිර්පාක්ෂික අරගලයට වෙච්චි දේ... දැන් ඒක අන්තරේ අරගල වෙලා. අනේ අනුර, ඔයා තමයි දවසකටවත් මිනිහා...!
අගමැති වැඩ බාරගත්තා විතරයි.. රනිල් වික්‍රමසිංහයන්ගේ ගේ ළඟ උද්ඝෝෂණ විරෝධතා දක්වන්න ඇවිත් වැඩක් කරන්න කාලයක් හම්බවෙලා නැහැ. ඊයේ දිවුරුම් දුන්නු ගමන් රනිල්ගෝගම හදලා අන්තරේ කැඳවුම්කරු ගෝඨාගෝගම මෙහෙයවන්නේ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයන් කරන ජවිපෙ සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග... ඔහු මෙහෙයවන්නේ ජවිපෙ අනුර කුමාර සහෝදරයා ප්රමුඛ නායකත්වය බොහෝම පැහැදිලියි. 9 වෙනිදා රට තුළ ඝාතන, පහරදිම් කරමින්, වදහිංසා පමුණුවමින් වාහන, නිවාස ගිනිබත් කරමින් දේපළ කොල්ලකෑවේ, හොරකම් කලේ කවුද කියලා අනිවාර්යයෙන්ම පොලිසියේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැනි දක්ෂ නිලධාරීන්ට පහරදීම පිටුපස සිටින්නේ ඔවුන් වියහැකියි. ජවිපෙ අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි...
දැන් මොකට විරුද්ධවද විරෝධතාව තියන්නේ?
දැන්නම් මේක විහිළුවක් වෙලා.
මහින්ද ගියාට පුතේ රනිල් නම් යවන්න බෑ බෝඩ් කෑලි උස්සලා.... අවුරුදු ගානක් තිස්සේ බැණුම් අහ අහා ඉන්නේ රජා වගේ... පක්ෂෙ අයටත් පන්නගන්න බැරි එකේ...!
මේ අනුරයි, එයාගෙ කොල්ලෝ ටිකයි ඉන්නකන් මේක හදන්න බෑ.
ශ්‍රී ලංකාවේ දියුණුවට ඇති ප්‍රධානතම බාධකය අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික විමුක්ති පෙරමුණයි. අප මව්බිමට ඔහු විසින් කළ විනාශයට ඔහු කවදා හෝ පොලී සහිතව වන්දි ගෙවනු ඇත...! පාර්ලිමේන්තුවට ගෙනෙනා කිසිම යෝජනාවකට සහයෝගය නොදෙන ඔහු කිසියම් මානසික ආබාධයකින් පෙලේ දැයි සැකයක් පවතී..
මිනිස්සු 3%ක්ම නියම විදිය දැනගත්තේ එදා... රට අරාජික වී පැය කිහිපයට කරපු විනාසේ තරම ලෝකයම දැක්කා.. රටේ ම බලය ලැබුණොත් ඔය අය මුළු රටම ගිනි තියාවි... 3% ට කවදාවත් මේ රටේ කිසිම බලයක් නොලැබේවා...!
ගෝඨාගෝගම පිවිතුරු පරමාර්ථ ජවිපෙ නිසා කෙලෙසී යයි. නිර්පාක්ෂික අරගලය පක්ෂග්රාහි වෙමින් පවතියි...
තුණ්ඩු කෑල්ලට කඩ වහලා, රටම ගිනි අවුලපු අයට මොනවා කරන්න බැරිද?
ඒකනම් ඉතින් කීයක් හරි දීලා කරවපු වැඩක් වගේ...?
මානසික රෝගින්... රනිල් අගමැතිතුමාට සැලෙන්න එපා කියන්න. ජයම වේවා..! අන්තරේ අයට ඕනෑ ඒවා කරන්න පිස්සන් නෑ... ලංකාවේ අය කරන්නේ කඩාකප්පල් කරන එකයි හැමදාම...
අනුර තමයි සේරම කරන්නේ... අගමැතිතුමනි, ජයම වේවා..!
ඒපාර නම් සූ ගාලා සෙනඟ. කාගේ ලණු කාපු අයද දන්නේ..? ලණු දුන්නේ කවුද කියලා දන්නෙත් නැහැ...
රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේ විශිෂ්ඨ මහත්මා ගතිගුණ ඇති උගත් නායකයින් අද රටේ ඉතාම විරලයි. පසුගිය යහපාලන රජය පිහිටුවා එතුමාගේ අරමුණ වූයේ රටෙහි පක්ෂපාට වලින් වෙන් වී දියුණුවට ඉඩ අහුරගෙන සිටිනා ජනතාව එයින් මුදවා ගෙන මානුෂීය ආර්ථික දියුණුව කරා යොමු කිරීමටයි. ඒ සඳහා එතුමාගේ දර්ශනයට හාත්පසින්ම වෙනස් මත දරණ ප්‍රධානතම පක්ෂයකට අයත් පිළිගත් නායකයෙකුගේ සහාය ඇතිව රටෙහි දියුණුව සඳහා පෙලගැස්ම පටන් ගන්න අදහස් කළත් එය ව්‍යර්ථ විය. රටෙහි සාමාන්‍ය ජනයා එතුමාව ප්‍රතික්ෂේප කිරීමට තරම් කාරණාවක්ද විය. කරුණු එසේ තිබියදී අපගේ පූර්ව වාසනාවකටදෝ එතුමාට නැවතත් පාර්ලිමේන්තුවට එන්නට අවස්ථාවක් ලැබුණා. ඒ අතරතුර රටම කළඹණ කලහකාරී වාතාවරණය ඇතිකළ අන්තවාදී නායකයින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යටකී අදහසට පවන් සලන්නාක් මෙන් තනතුර අතහැර යාම හේතුවෙන් දෛවෝපගත සිදුවීමක් ලෙස තමන්ට හාත්පසින්ම වෙනස් චරිතයක් රටෙහි නායකත්වයට ආරාධනා කරන්න යෙදුණා. තමාගේ පැවැත්ම සඳහා නොව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට උපකාර කිරීමට එතුමා පක්ෂ විපක්ෂ රටේ සෑම දෙනාගේම ගැරහුම් මැද තනතුර පැකිලීමකින් තොරව බාරගෙන කටයුතු කරන නිසා අප කළයුතුව ඇත්තේ මෙවන් අමන වැඩද?