
(අංජුල මහික වීරරත්න)
කඩා වැටුණු රට ලෝකයට ආදර්ශයක් දෙමින් ඉතා කෙටි කාලයකදී ඔසවා තැබු රනිල්ගේ දැක්ම එංගලන්තය, ඇමරිකාව වැනි රටවල් වලට වඩා විශාල බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
වැටුණු ජාතියක් නැවත ගොඩ ගෙන ලෝකයත් සමඟ ඉදිරියට ගෙනයන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වූ බවද අබෙිවර්ධන මහතා කීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම සහ අක්මීමණ මැතිවරණ කොට්ඨාශ වල බලමණ්ඩල රැස්වීම් අමතා වජිර අබෙිවර්ධන මහතා මෙි බව පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා මීට වසරකට ඉහතදී මුලුමනින්ම කඩාගෙන වැටුණු රටක් බාර ගෙන ලෝකයටම ආදර්ශයක් දෙමින් නැවත නිවැරදි මාර්ගයේ රට ගමන් කරවමින් තිබෙන බවද වජිර අබෙිවර්ධන මහතා සඳහන් කළේය.
මෙවැනි ආර්ථික අර්බුදයන්ට ලක්වූ ලෝකයේ වෙනත් රටවල් වලට තවමත් නිසියාකරයෙන් නැගිටින්න බැරි තත්ත්වයක තිබියදී ජනාධිපතිවරයාගේ හරි දැක්ම නිසා රට නැවත ඔසවා තබා තිබෙන බව අබෙිවර්ධන මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් සර්ගෙ දැක්ම නැත්නම් අපේ ඉඩකඩම්, යානවාහන, වතුපිටි සියල්ල බැංකුවෙන් ලියාගෙන... බොහොම පිං ජනපතිතුමාට ජනමතයකුත් නැතුව අපිව ගොඩ දැම්මාට...
එහෙනම් ඇමෙරිකාවෙන් එන්න කියලා එහෙ ජනාධිපති කමත් නිකන්ම බාරදෙයිද කියන්න බැහැ නේද?
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම සහ අක්මීමණ මැතිවරණ කොට්ඨාශ වල බලමණ්ඩල ගොබ්බයින් ඕවා කියලා රවට්ටන්න පුළුවන් ඇති. නමුත් ඌරු වරිගයලා ඇත්තෝ නම් රවටනු බොරු. ඒ ඇත්තෝ ඉතියෝපියාව බංග්ලාදේශය එහෙම ගැන හොඳට දන්නවා...
වජිර හොඳ මානසික දොස්තර කෙනෙකුගෙන් වහාම ප්‍රතිකාර ගන්න ලෙඩේ බරපතලයි.
උස්සලා තිබ්බේ කොතැනටද කියලා තේරෙයි තව ටික දවසකින් ණය කාරයෝ නඩු දාන්න පටන් ගත්තාම...
ඕවා කියලා ඔය පැත්තේ මිනිස්සු අන්දන්න පුළුවන් කියලා හිතාගෙන ඇති... නමුත් මේ ප්‍රකාශයෙන් පේනවා රනිල්ගේ දැක්මේ ප්‍රමාණය කෙසේ වෙතත් කියපු මනුස්සයාගේ මොලේ ප්‍රමාණය නම් අබ ඇටයක් තරම්වත් වටින්නේ නෑ කියලා...
මගුලක් කථා කරනවා. අලුතෙන් ණයක් අරන්. පරණ ණය නොගෙවා ඉන්න බව මේ මෝඩයින්ට තේරෙන්නේ නැහැ....
මෙච්චර රටේ ණය අර්බුදයක් තිබෙද්දීත්, ඒවා ආපහු ගෙවන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බැරිව ඉන්න අතරේ. මේ අවුරුද්දේ මුල් මාස 3ට තවත් ඩොලර් බිලියන 7ක් ණයට අරගෙන, ලෝකේ කතාවක් තියනවා චීන ණය උගුල ගැන.., හැබැයි දැන් ලංකාවට වෙලා තියෙන දේට අලුත් නමක් දාන්න ඕනේ "රනිල්ගේ ණය උගුල" කියලා, මෙයාගෙන් පස්සේ ඊළඟට එන කිසිම පාලකයෙක්ට මෙරට කරන්න වෙන්නේ නැහැ.. මේ රනිල්ගේ ණය උගුල හින්දා...!
කිව්වොත් කියන්නේම මේ වගේ ගොන් කතාවක්...
මහලොකු දැක්මක් නම් නෑ. එහෙම නම් මීට කලින් ඡන්දයකින් ජනාධිපති වෙන්න තිබුණා. අගමැති කාලේ කුඹුරුවල මල් හිටුවන්න ඕනෑ කිව්වා. මත්තල වී ගබඩා කළා. කොටි එක්ක එක එක ගිවිසුම් ගැහුවා. රටේ යම් ස්ථාවරයක් හදන්න යමක් කළානම් කවුරුත් ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ඒකට පක්ෂ භේදයක් අවශ්‍ය නෑ. දැන්වත් ණයමත නොයැපෙන දැක්මක් ඇති වුණොත් හොඳයි...
මෙයා කන්නේ ඇට පිටින්මද කොහේද...!
ඔව්, ඔව්... ණයම අරගෙන ටැක්ස්ම ගහලා ගොඩයන්න හදන බව නම් පේනවා. කම්මැලි වැඩි හින්දා. කිසිම නිෂ්පාදනයක් අලුත් සේවාවල් මුකුත්ම නැතුව. මාර ක්‍රෙම්කට ගොඩයන්න හදන්නේ... දැක්ම විශාල නෙවෙයි. වෙන මොනවාහරි දෙයක් වෙලා වගේ නම් පේනවා...
පට්ට දක්ෂයෙක්. මහ බැංකුව ට දීපු ගේම, පාස්කු දඬුවමෙන් ෂේප් වීම, පිං ජනා වීම වගේ දේවල් මෙලොව තියා සක්කරයගෙ පුතා වයිමටත් බෑ.
මට මතක් උනේ අර අන්දරේ මාස ගණනක් හීනටි හාලේ බතුයි කළුකුන් මාලුයි සප්පායම් වෙලා අන්තිමට කිව්වා ගල උස්සලා කරේ තිබ්බොත් ගල ගොඩ දාන්නම් කිව්ව කතාව. වජිර උන්නැහේ මෙයා ආර්ථිකය ගොඩ දාපු නිසාද ඩොලරය ආපහු නැග්ගේ. ඔහේ ඔය ගොනාට අන්දන්නෙ කාවද?
වජිරලා රංගෙලා අකිලල සෙට් එක තමයි රනිල්ව හා යූ එන් පීය නැත්තටම නැතිකර දැම්මේ.රනිල් මොනවා හරි දෙයක් කරලා යම් ප්‍රමාණයකට වැඩක් කළා තමයි. ඒත්,රටේ මිනිසුන්ගේ ලයිට් බිල ඇතුළු බිල්, බදු හා ජීවන වියදම නහුතෙටම නැග්ගුවා.දූෂිත පවුල් පාලනය විසින් හොරකම් කරන ලද දේවල් නැවත පවරා ගැනීමට කටයුතු කළේ නැහැ.වජිර රංගේ අකිල ඇතුළු සෙට් එක දූෂිත පවුල් පාලනයේ හොරකම් ගැන එදා ගිරිය පුප්පන් කෑ මොර දුන්නා.ඒත් දැන් මීක් නැහැ.ඒ මොකද දන්නේ නැහැ.නිකං සුදුළූණු පොඩි කරන්න එපා වජිර ඔයා හැරෙන කොට රටේ මිනිසුන් දන්නවා. දැන් මේ රටේ ජනතාව ඉස්සර වගේ අන්දන්න බැහැ. හොරකම් අල්ලලා ඒ මුදල් වලින් පිටරට ණය කන්ද ගෙවා දාන්න පුලුවන්.අන්න එහෙම කළොත් එදාට ජනතාව ඔබලා වටා රොක් වේවි.අපිත් ඡන්දය දෙනවා එහෙම කළොත්.ඒ නිසා නිකං කොලේ වහලා යටින් ඇදලා ගහන්නේ නැතිව අවංකව කළයුතු දේ කරන්න. එසේ කළොත් ජනතාව ඔබලා සමගයි.නැතිනම් මේ කපේදි දිනන්න බැහැ.
වැටිල තිබුණු රට මේ තරමින් නොන්ඩි ලඑගෙන හරි දුවන්නෙ විදේශ ණය වාරික නො ගෙවීමේ සහනය නිසා මිසක රනිල්ගේ අනුප්‍රාප්තික වජිරගේ වීරයා නිසා නොවෙයි. ඕවා ඉතින් ඔය සභාවෙ අය ඇහුවට කොණ්ඩා බැඳපු චීන්නුවත් විශ්වාස කරන්නෙ නැහැ.
මෙහෙම සට්ටැඹිකම් කරපු අය රජකාලෙත් ඉන්න නැතුව ඇති. බලාගෙන කක්කි ගෑවෙයි ඇඟේ...
මෙයා ඇමරිකාවේ... එංගලන්ත රටවල... ඉඳලා නැති නිසා මේ වගේ මෝඩ කතා කියන්නේ... රට බංකොළොත් කරපු කෙනෙක්. තවත් හොරු ටිකක්. ආරක්ෂා කරමින්... රටේ ජනගහණයට වැඩියෙන් ණය අරගෙන. ජනතාවට ගින්දර දීලා. දැන් රට ගොඩ ගත්තලු. තිබුණාට හපන් දැන්... ලෝකෙ කුසිම රටක. චෝර පාලකයින්ව ආරක්ෂා කරන්නේ නැහැ රනිල් වගේ...
මෙයාට අසනීපයක්වත්ද?
ආයෝජකයෝ රටහැර යාම නවත්වන්න පුළුවන් නම් ලොකු දෙයක්. ගාමන්ට් වැහෙනවා. එන්න එන්න විරැකියාව වැඩිවෙනවා..
ඇත්තම කථාව නං රනිල් ගෙ දැක්ම ඇමරිකාව නෙවෙයි මුළු විශ්වයටම වඩා ලොකුයි.
රනිල් ගේ දැක්ම ගැන නම් කියලා වැඩක් නැහැ. පින් ජනාධිපති වෙලා දූෂිත දේසපාලුවෝ රකින එකම මදෑ..
වජිරට නම් රනිල් හොඳ ඉනා බෙහෙතක් කවලා තියෙනවා වගේ... නිවසේ බිත්ති පිරෙන්න රනිල්ගේ පින්තූරද දන්නේ නැහැ එල්ලලා තියෙන්නේ...!