IMG-LOGO

රනිල්ගේ ගානම අනුරත් වෙන් කරගෙන

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2024 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ජනාධිපති වැය ශීර්ෂයට රනිල් වෙන්කර කරගත් මුදලම 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා අනුර දිසානායක ජනාධිපතිවරයාත් වෙන් කරගෙන තිබෙන බව  කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා (සජබ) මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රජයේ අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අමතමින් කබීර් හෂීම්  මහතා මේ බව කීය.

"රනිල්ගේ වරප්‍රසාද වැඩි බව මොවුන් දිගටම චෝදනා කළා.නමුත් අතුරු සම්මත ගිණුමේ ඒ පේන වෙනසක් නෑ.

2024 වසරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනවාරි මාසයේ සිට අප්‍රේල් දක්වා ජනාධිපති වැය ශීර්ශය අනුව වියදම් කර තිබෙන්නේ රුපියල් ට්‍රිලියන 1.4යි.2025 වසරේ අනුර දිසානායක ජනාධිපතිවරයාට ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වියදම ඒ වගේම රුපියල් ට්‍රිලියන 1.4ක් මේ අතුරු සම්මත ගිණුමෙන් වෙන් කර තිබෙනවා.ඒ ගානමයි කිසිම වෙනසක් නෑ.ඉතින් එකේ වෙනස මොකක්දැයි කබීර් හා හෂීම්  මහතා ප්‍රශ්න කළේය.



අදහස් (16)

රනිල්ගේ ගානම අනුරත් වෙන් කරගෙන

Nalin Wanisekara Thursday, 05 December 2024 11:34 AM

රනිල ඔය ගාන වෙන්කරගත්තට, එයා ආපහු පස්සෙ ආයෙ ගානක් වෙන් කරගත්තනෙ.

:       75       16

බකල ජයා Thursday, 05 December 2024 12:21 PM

මන්ත්‍රීතුමා, ඒ වෙනස හොරකම් කිරීම සහ නොකිරීම වෙන්න පුළුවන්, නැත්නම් හිතවතුන්ට පමණක් සංග්‍රහ කිරීම සහ නොකිරීම වෙන්නත් පුළුවන්, ඒත් නැත්නම් වැහැරුණු රූපිකාලගෙන්, පුරවැසියන් නොවන අයගෙන් ශොපිං යන එක ගැන උපදෙස් ගැනීම හෝ නොගැනීම වෙන්න උනත් පුළුවන්.

:       61       17

පප්ප Thursday, 05 December 2024 12:29 PM

අනුර ගන්න මුදල සැප ගන්න නෙමෙයි කියන කරුණ ජනතාවට විස්වාසයි, ඒ හින්දා ලොකේ වටේ 26 ක් මාස 24 ට රවුම් ගහපු , හෙල්කොප්ටරේ පාර්ලිමේන්තුවටත් ආපු වැල් පාලම් සීයට අනුර සමාන කරන්න එපා

:       59       28

විපරමා Thursday, 05 December 2024 12:39 PM

අනුර නම් වෙන්කරගෙන රටට යමක් කරයි.රනිල් කරපු දේවල් ගැන නම් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.

:       46       33

යෝගා Thursday, 05 December 2024 12:54 PM

සමාජවාදියෝ කියල රඟපාන කවුරුත් ඔහොම තමා. තමුන්ට අවස්ථාව ආපුවාහම මෙච්චර කල් කියපුවා අමතකයි. තලු මර මර ඇඟ පුරා හලාගෙන කන්නේ.

:       36       62

randil dunuwilleThursday, 05 December 2024 04:59 PM

සීයගේ බත්බැලයින් තවත් බොහෝ ඉන්නවා.

:       10       13

ravin Thursday, 05 December 2024 12:56 PM

දැන්මම නිගමනයට එළඹෙන්නේ නැතිව වෙන්කරගත්ත මුදල වියදම් කරන්නේ කුමකටද කියලත් බැලුවොත් නරකද

:       48       29

CC Thursday, 05 December 2024 01:06 PM

මෙහෙම කීවාම සාමාන්‍ය ජනතාව හිතන්නේ රනිල් හා අනුර අතර වෙනසක් නෑ වගේ හිතෙන කථාවක්. ඇයි මේ හිටපු වංක දූෂිත ප්‍රෝඩාකාරී දේශපාලුවන්ට ඕනි ජනතාව නොමග යවමින් අසත්‍ය කරුණු සත්‍ය ලෙස හුවා දක්වන්ටයි. මේ රට හදන්න අවශ්‍ය අවංක අදූෂිත දේශපාලනය අද බලය හොබවන අතර ඔවුන් මේ රටට කිසිදා නොකල ආදර් ශ ලබා දී මේ රටේ හැම පුරවැසියෙකුටම සාධාරණ යුක්ති ගරුක සංවර්ධිත දේශයක් හදනවා එවිට ආගම් ජාති ඇතුළු සියළු භේද අහෝසියි . නැවත පරණ හොර වංක දූෂිත දේශපාලුවන්ගේ අනාගතය අහෝසියි.

:       55       25

Chinthaka Thursday, 05 December 2024 01:31 PM

බොරු කියන්න එපා , ජාතික ලැයිස්තු ප්‍රශ්නේ ඉවරකරගෙන ඉන්න

:       39       30

සෙනෙවිරත්න Thursday, 05 December 2024 01:43 PM

ඔබ කියන කතාව නිවැරදි නම් අනුර යටතෙ තියෙන අමාත්‍යාංශ ගනනත් රනිල්ගෙ යටතෙ තියෙන ගනනත් සමානද කියල බලන්න.

:       34       20

Rohana Thursday, 05 December 2024 01:52 PM

මේ කතාව ඇත්තක්ද ? දන්න කෙනෙක් ඉන්නවානම් තහවුරු කරන්න.

:       5       35

ගුණරත්න Thursday, 05 December 2024 02:26 PM

එතුමාත් කජු කන්න ආස ඇති මම හිතන්නේ

:       17       58

Chandima Thursday, 05 December 2024 02:44 PM

මේකට කියන්නෙ මොකක්ද මටත් හිතාගන්න බෑ.කතාව දෝලාවෙන් ගමන පයින්ද? එහෙම නැත්නම් ගමන පයින් කතාව දෝලාවෙන්ද?

:       15       48

නාරම්පනාව Thursday, 05 December 2024 03:33 PM

විරුද්ධ පක්ෂයේ එවුන්ට දැන් කතා කරන්න මාතෘකා නෑ. කොහේවත් නැති කුණු ගොඩක් අස්සේ රිංගනවා. ඔය අය කරපු හොරකම් ටික එළියට එන්න කලින් ආණ්ඩුවට හොරකම් ආදේශ කරන්න සම්පූර්ණ උත්සාහය...

:       14       17

සීයා Friday, 06 December 2024 09:24 AM

කොපමණ සුවඳ මල් පිපුණත් නිලමැස්සා ඉගිලෙන්නේ කුණු ගඳ එන දිසාවටමයි. කුණුගොඩ බැහැර කළත් ඒ දුගඳ නැති වෙන්න කලක් යාවි දරුවනේ. ඉවසපල්ලා...!

:       1       0

Bunny Preena Saturday, 07 December 2024 10:44 AM

ඊර්ෂ්‍යාව සුව කල නොහැකි රෝගයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 132 0

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 125 0

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්
2025 මැයි මස 14 190 1

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල


පෙම් යුවළ බසයට බිලි
2025 මැයි මස 14 1076 0

යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො


බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වහයි
2025 මැයි මස 14 482 0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම


කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි
2025 මැයි මස 14 339 0

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1371 1
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1589 2
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site