
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2024 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ජනාධිපති වැය ශීර්ෂයට රනිල් වෙන්කර කරගත් මුදලම 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා අනුර දිසානායක ජනාධිපතිවරයාත් වෙන් කරගෙන තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා (සජබ) මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජයේ අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අමතමින් කබීර් හෂීම් මහතා මේ බව කීය.
"රනිල්ගේ වරප්‍රසාද වැඩි බව මොවුන් දිගටම චෝදනා කළා.නමුත් අතුරු සම්මත ගිණුමේ ඒ පේන වෙනසක් නෑ.
2024 වසරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනවාරි මාසයේ සිට අප්‍රේල් දක්වා ජනාධිපති වැය ශීර්ශය අනුව වියදම් කර තිබෙන්නේ රුපියල් ට්‍රිලියන 1.4යි.2025 වසරේ අනුර දිසානායක ජනාධිපතිවරයාට ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වියදම ඒ වගේම රුපියල් ට්‍රිලියන 1.4ක් මේ අතුරු සම්මත ගිණුමෙන් වෙන් කර තිබෙනවා.ඒ ගානමයි කිසිම වෙනසක් නෑ.ඉතින් එකේ වෙනස මොකක්දැයි කබීර් හා හෂීම් මහතා ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල ඔය ගාන වෙන්කරගත්තට, එයා ආපහු පස්සෙ ආයෙ ගානක් වෙන් කරගත්තනෙ.
මන්ත්‍රීතුමා, ඒ වෙනස හොරකම් කිරීම සහ නොකිරීම වෙන්න පුළුවන්, නැත්නම් හිතවතුන්ට පමණක් සංග්‍රහ කිරීම සහ නොකිරීම වෙන්නත් පුළුවන්, ඒත් නැත්නම් වැහැරුණු රූපිකාලගෙන්, පුරවැසියන් නොවන අයගෙන් ශොපිං යන එක ගැන උපදෙස් ගැනීම හෝ නොගැනීම වෙන්න උනත් පුළුවන්.
අනුර ගන්න මුදල සැප ගන්න නෙමෙයි කියන කරුණ ජනතාවට විස්වාසයි, ඒ හින්දා ලොකේ වටේ 26 ක් මාස 24 ට රවුම් ගහපු , හෙල්කොප්ටරේ පාර්ලිමේන්තුවටත් ආපු වැල් පාලම් සීයට අනුර සමාන කරන්න එපා
අනුර නම් වෙන්කරගෙන රටට යමක් කරයි.රනිල් කරපු දේවල් ගැන නම් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
සමාජවාදියෝ කියල රඟපාන කවුරුත් ඔහොම තමා. තමුන්ට අවස්ථාව ආපුවාහම මෙච්චර කල් කියපුවා අමතකයි. තලු මර මර ඇඟ පුරා හලාගෙන කන්නේ.
දැන්මම නිගමනයට එළඹෙන්නේ නැතිව වෙන්කරගත්ත මුදල වියදම් කරන්නේ කුමකටද කියලත් බැලුවොත් නරකද
මෙහෙම කීවාම සාමාන්‍ය ජනතාව හිතන්නේ රනිල් හා අනුර අතර වෙනසක් නෑ වගේ හිතෙන කථාවක්. ඇයි මේ හිටපු වංක දූෂිත ප්‍රෝඩාකාරී දේශපාලුවන්ට ඕනි ජනතාව නොමග යවමින් අසත්‍ය කරුණු සත්‍ය ලෙස හුවා දක්වන්ටයි. මේ රට හදන්න අවශ්‍ය අවංක අදූෂිත දේශපාලනය අද බලය හොබවන අතර ඔවුන් මේ රටට කිසිදා නොකල ආදර් ශ ලබා දී මේ රටේ හැම පුරවැසියෙකුටම සාධාරණ යුක්ති ගරුක සංවර්ධිත දේශයක් හදනවා එවිට ආගම් ජාති ඇතුළු සියළු භේද අහෝසියි . නැවත පරණ හොර වංක දූෂිත දේශපාලුවන්ගේ අනාගතය අහෝසියි.
බොරු කියන්න එපා , ජාතික ලැයිස්තු ප්‍රශ්නේ ඉවරකරගෙන ඉන්න
ඔබ කියන කතාව නිවැරදි නම් අනුර යටතෙ තියෙන අමාත්‍යාංශ ගනනත් රනිල්ගෙ යටතෙ තියෙන ගනනත් සමානද කියල බලන්න.
මේ කතාව ඇත්තක්ද ? දන්න කෙනෙක් ඉන්නවානම් තහවුරු කරන්න.
එතුමාත් කජු කන්න ආස ඇති මම හිතන්නේ
මේකට කියන්නෙ මොකක්ද මටත් හිතාගන්න බෑ.කතාව දෝලාවෙන් ගමන පයින්ද? එහෙම නැත්නම් ගමන පයින් කතාව දෝලාවෙන්ද?
විරුද්ධ පක්ෂයේ එවුන්ට දැන් කතා කරන්න මාතෘකා නෑ. කොහේවත් නැති කුණු ගොඩක් අස්සේ රිංගනවා. ඔය අය කරපු හොරකම් ටික එළියට එන්න කලින් ආණ්ඩුවට හොරකම් ආදේශ කරන්න සම්පූර්ණ උත්සාහය...
කොපමණ සුවඳ මල් පිපුණත් නිලමැස්සා ඉගිලෙන්නේ කුණු ගඳ එන දිසාවටමයි. කුණුගොඩ බැහැර කළත් ඒ දුගඳ නැති වෙන්න කලක් යාවි දරුවනේ. ඉවසපල්ලා...!
ඊර්ෂ්‍යාව සුව කල නොහැකි රෝගයක්