(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාවට ඇති එකම විකල්පය රනිල් ප්‍රමුඛ ආණ්ඩුව නොවේ යැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
ජනතාවට විකල්පය තෝරා ගන්නට ඉඩ ලබා දිය යුතු බව කී මන්ත්‍රීවරිය විකල්පයක් නැතැයි කියමින් ආණ්ඩුව කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක් බව කීවාය.
කවුරුවත් නැති වෙලාවේ ගින්දරට පැන රට බේරාගත් බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කී කතාව සත්‍යයක් නොවන බව කී අමරසූරිය මෙනවිය රනිල් හැර වෙනත් විකල්පයක් නැතැයි යන මතය ඔවුන් සමාජගත කරන්නට උත්සාහ කරමින් සිටින්නේ යයිද කීවාය.
රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය යනු සංකල්පයක් පමණක් බව ද අමරසූරිය මෙනවිය පැවැසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නහුතෙටම රිදුන නේද ?
ඒක හරි .ඒ වගේම අනුරත් විකල්පයක් නෙවෙයි.
රටේ නිශ්පාදන ආදායම වැඩි කරන එක තමයි විකල්පය. රනිල් ඒ වෙනුවෙන් මොඅනවද කරලා තියෙන්නේ.
බදු ගහන එකයි විකුණන එකයි හැර විකල්පයක් නෑ වික්‍රමසිංහට
ලෝක බැංකු වාර්තා වලට අනුව 2023 දී ලංකා රජයේ අදායම් (අපේ බදු) වලින් 77% පාවිච්චි කරලා තියෙන්නේ රජයේ ණය පොලි ගෙවන්න, කාටද මේ පොලිය ගෙව්වේ? රනිල්ගේ රජය මේ ගැන පැහැදිලි කිරීමක් කළයුතුයි. මොකද අපි හිතන් හිටියේ බදු වැඩි කරේ රට දියුණු කරන්න කියලා...
රනිල් මේ වෙලාවේ කරන්නේ I M F එක කියන දේ. බදු ගහන්න විකුණන්න කියන්නේ එයාලා. ඉතින් මෙයාලාත් I M F එක එක්ක වැඩ කරනවලුනේ...
ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතාගන්නත් බෑ.. මොකද මේ වගේ මිනිස්සු ලෝකයේ කොහේවත් නැති නිසා ඒ හා සමාන උදාහරණ ලෝකයෙන් හොයාගන්න බැහැ. එක්කෝ ඉන්දියාව වගේ රටක් මේක පාලනය ගන්නද? එහෙම වුණොත් මුස්ලිම්, දෙමළ නොවන අයට මොනවා වෙයිද?
රනිල් රාජපක්ෂ විකල්පයක් වුනේ රට හොරා කාලා බංකොලොත් කළ රාජපක්ෂ කල්ලියට මිසක් බහුතර ජනතාවට නෙවෙයි. ඒ නිසා වැඩ බැරි වැඩකට නැති රනිල් රාජපක්ෂව ගෙදර යවලා අනුර ප්‍රමුඛ ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් පිහිටුවන්න බහුතරයක් ජනතාව මග බලාගෙන ඉන්නවා. කාට හරි ඒ ගැන සැකයක් තියෙනවා නම් මේ අනීතික ආණ්ඩුවට කියන්න වහාම ඡන්දයක් තියන්න කියලා...
ඔයාලට රිදිලා නැද්ද? විදුලි බිල එහෙම ආසාවෙන් ගෙවනවාද?
ඇයි අනුර ගින්දරට පැන්නේ නැත්තේ?
රනිල් එනකොට පැනඩෝල් පෙත්තක් ගන්නත් තිබුනේ නෑ. විකල්පයක් නෑ රනිල් වික්‍රමසිංහ හැරෙන්නට...
රනිල්, රාජපක්ෂලාගේ එකම විකල්පය බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
රනිල් කොහොමද විකල්පයක් වෙන්නේ? රනිල්ට විකල්පය මොකද්ද කියන එකයි දැන් ජනතාවට තියෙන ගැටළුව... විවාද තරඟයක දී යෝජක පිල කොහොමත් ප්‍රතියෝජක පිල වෙන්නේ නැහැ නොවැ...
අර්බුද සමයේ, රනිල් තනි මන්ත්‍රිවරයෙකු ලෙස ආණ්ඩුවට IMF යන්න කියද්දී ඔබලා මොකද කළේ? එදා ඔබතුමිය එක්කෝ IMF ඹ්න කියල පිළිගත්තේ නැහැ / නැතිනම් නොදැන හිටිය/ නැතිනම් රට අමාරුවේ වැටෙනකොට නොකියා බලා හිටියා. එනිසා එදා රනිල් විකල්පයක් වුනා. අද කාටත් IMF උවමනා නිසා විකල්ප ගොඩයි.
මහෝ, ලෙනින් සහ ගඩාෆි යන අය සුදුසුයි.