IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රනිල් විකල්පය නොවේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතාවට ඇති එකම විකල්පය රනිල් ප්‍රමුඛ ආණ්ඩුව නොවේ යැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී  හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ජනතාවට විකල්පය තෝරා ගන්නට ඉඩ ලබා දිය යුතු බව කී මන්ත්‍රීවරිය විකල්පයක් නැතැයි කියමින් ආණ්ඩුව කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක් බව කීවාය.

කවුරුවත් නැති වෙලාවේ ගින්දරට පැන රට බේරාගත් බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කී කතාව සත්‍යයක් නොවන බව කී අමරසූරිය මෙනවිය රනිල් හැර වෙනත් විකල්පයක් නැතැයි යන මතය ඔවුන් සමාජගත කරන්නට උත්සාහ කරමින් සිටින්නේ යයිද කීවාය.

රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය යනු සංකල්පයක් පමණක් බව ද අමරසූරිය මෙනවිය පැවැසුවාය.

 

 



අදහස් (18)

රනිල් විකල්පය නොවේ

Kule Wednesday, 06 March 2024 04:17 PM

නහුතෙටම රිදුන නේද ?

:       20       70

Janitha Wednesday, 06 March 2024 04:22 PM

ඒක හරි .ඒ වගේම අනුරත් විකල්පයක් නෙවෙයි.

:       44       151

NissankaWednesday, 06 March 2024 06:14 PM

විකල්පය අනුර කියන පුද්ගලයා නොවෙයි. අනුර ප්‍රමුඛ මාලිමාවේ කණ්ඩායම ඉදිරිපත් කරන ප්‍රායෝගික වැඩපිළිවෙල​...

:       0       0

HemalWednesday, 06 March 2024 06:18 PM

එහෙමනම් විකල්පය පුතානෝ කියලාද හිතන්නේ?

:       0       0

ChandraWednesday, 06 March 2024 06:19 PM

සජියට නම් මේ අර්බුදයේ දිග පළල තේරුම් ගන්න තරම්වත් මොළයක් නෑ.

:       0       0

Dr. Vajira Fernando Wednesday, 06 March 2024 04:24 PM

රටේ නිශ්පාදන ආදායම වැඩි කරන එක තමයි විකල්පය​. රනිල් ඒ වෙනුවෙන් මොඅනවද කරලා තියෙන්නේ.

:       12       109

Kumara Wednesday, 06 March 2024 04:24 PM

බදු ගහන එකයි විකුණන එකයි හැර විකල්පයක් නෑ වික්‍රමසිංහට

:       22       91

බයියා Wednesday, 06 March 2024 04:40 PM

ලෝක බැංකු වාර්තා වලට අනුව 2023 දී ලංකා රජයේ අදායම් (අපේ බදු) වලින් 77% පාවිච්චි කරලා තියෙන්නේ රජයේ ණය පොලි ගෙවන්න, කාටද මේ පොලිය ගෙව්වේ? රනිල්ගේ රජය මේ ගැන පැහැදිලි කිරීමක් කළයුතුයි. මොකද අපි හිතන් හිටියේ බදු වැඩි කරේ රට දියුණු කරන්න කියලා...

:       0       0

Sara Wednesday, 06 March 2024 05:03 PM

රනිල් මේ වෙලාවේ කරන්නේ I M F එක කියන දේ. බදු ගහන්න විකුණන්න කියන්නේ එයාලා. ඉතින් මෙයාලාත් I M F එක එක්ක වැඩ කරනවලුනේ...

:       5       69

Nimal Wednesday, 06 March 2024 05:24 PM

ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතාගන්නත් බෑ.. මොකද මේ වගේ මිනිස්සු ලෝකයේ කොහේවත් නැති නිසා ඒ හා සමාන උදාහරණ ලෝකයෙන් හොයාගන්න බැහැ. එක්කෝ ඉන්දියාව වගේ රටක් මේක පාලනය ගන්නද? එහෙම වුණොත් මුස්ලිම්, දෙමළ නොවන අයට මොනවා වෙයිද?

:       2       38

අරවින්ද මොනරවිල Wednesday, 06 March 2024 05:59 PM

රනිල් රාජපක්ෂ විකල්පයක් වුනේ රට හොරා කාලා බංකොලොත් කළ රාජපක්ෂ කල්ලියට මිසක් බහුතර ජනතාවට නෙවෙයි. ඒ නිසා වැඩ බැරි වැඩකට නැති රනිල් රාජපක්ෂව ගෙදර යවලා අනුර ප්‍රමුඛ ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් පිහිටුවන්න බහුතරයක් ජනතාව මග බලාගෙන ඉන්නවා. කාට හරි ඒ ගැන සැකයක් තියෙනවා නම් මේ අනීතික ආණ්ඩුවට කියන්න වහාම ඡන්දයක් තියන්න කියලා...

:       0       0

Chandana Wednesday, 06 March 2024 06:15 PM

ඔයාලට රිදිලා නැද්ද​? විදුලි බිල එහෙම ආසාවෙන් ගෙවනවාද​?

:       0       0

krishna Wednesday, 06 March 2024 06:41 PM

ඇයි අනුර ගින්දරට පැන්නේ නැත්තේ?

:       0       0

Bandara Wednesday, 06 March 2024 06:47 PM

රනිල් එනකොට පැනඩෝල් පෙත්තක් ගන්නත් තිබුනේ නෑ. විකල්පයක් නෑ රනිල් වික්‍රමසිංහ හැරෙන්නට...

:       0       0

පිටරැටියා Wednesday, 06 March 2024 06:57 PM

රනිල්, රාජපක්ෂලාගේ එකම විකල්පය බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       0

Deepal Nirosh Wednesday, 06 March 2024 08:41 PM

රනිල් කොහොමද විකල්පයක් වෙන්නේ? රනිල්ට විකල්පය මොකද්ද කියන එකයි දැන් ජනතාවට තියෙන ගැටළුව... විවාද තරඟයක දී යෝජක පිල කොහොමත් ප්‍රතියෝජක පිල වෙන්නේ නැහැ නොවැ...

:       0       0

karunarathna Thursday, 07 March 2024 10:04 AM

අර්බුද සමයේ, රනිල් තනි මන්ත්‍රිවරයෙකු ලෙස ආණ්ඩුවට IMF යන්න කියද්දී ඔබලා මොකද කළේ? එදා ඔබතුමිය එක්කෝ IMF ඹ්න කියල පිළිගත්තේ නැහැ / නැතිනම් නොදැන හිටිය/ නැතිනම් රට අමාරුවේ වැටෙනකොට නොකියා බලා හිටියා. එනිසා එදා රනිල් විකල්පයක් වුනා. අද කාටත් IMF උවමනා නිසා විකල්ප ගොඩයි.

:       2       2

Saththaya Thursday, 07 March 2024 12:54 PM

මහෝ, ලෙනින් සහ ගඩාෆි යන අය සුදුසුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site