(අංජුල මහික වීරරත්න)
විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා නොකලොත් ලබන වසරේ මැද වන විට රටේ බඩගින්න මෙන්ම විරැකියාව වැඩිවීම වළක්වා ගන්නට නොහැකි වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (14) පැවසීය.
මූල්‍ය අරමුදලෙන් පිනට ලැබුණ ඩොලර් කෝටි 80 ක මුදල අර්බුදයෙන් මිදීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව කී වික්‍රමසිංහ මහතා මහ බැංකුව සහ භාණ්ඩාගාරය ක්‍රියා කළ යුත්තේ පාර්ලිමේන්තුවට යටත්ව හෙයින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට තමා ක්‍රියා කරන බවද සඳහන් කළේය.
වර්තමානයේ පැන නැගී ඇති විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවද නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙන බවද සඳහන්..., මහ බැංකුව, වාණිජ බැංකුවලට සහ මූල්‍ය ආයතනවලට විදේශ ණය ලබා ගැනීමේ බලය පවරා ඇතැයි ද සඳහන්...
මේ රනිල්ගේ විශේෂ ප්‍රකාශය IMF එක සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා කීප අවස්ථාවකම පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට හොඳට පැහැදිලි කරලා කිව්වා... ඕක දැන් මේ රනිල් අලුතෙන් කියන්න දෙයක් නෙමෙයි. පින් බෝනස් ආසනයෙන් පාර්ලිමේන්තු ඇවිත් නිකම් පච වෙන්න එපා...
මොලයක් නෙවී මොල ගෙනාපු නැවක් මහා බැංකුවට කෙලියේ නැතිනම් අද ඔහුත් වැදගත්
පුදුම දැණුමක් තියෙන්නෙ හැබෑවටම. පාලනයෙ ඉද්දි මේ දැණුම පාවිච්චි කරලා රට ගොඩම දාන්න තිබුනනෙ
ආණ්ඩුවේ මන්ත්‍රීවරු IMF කියන්නේ...! ඒක දැනගත්තේ රනිල් ආවට පස්සේ...
මෙයාට බ්‍රිලියන්ට් අදහස් තියෙනවා. අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවේ ඉඳලා රටම ණය කරලා දැම්මා. දැන් අදහස් දෙනවා රට ගොඩ ගන්න. බඩ පැලෙන්න හිනා යනවා.
අවුලක් වෙන එකක් නැහැ. දූරදර්ශී බැහැ... කරළියට ඇවිත් ඉන්නේ. මුදල් ඇමැතිනේ... කලින් වගේ ආර්ථිකය සංවර්ධනය කරයි. රටට කෙසේවෙතත් පවුල් පාලනේ හත්මුතු පරම්පරාවම ගොඩදා ගනී...
කමිටුවක් දාමු.. කමිටුවක් දාමු... ඒ කාලේ වගේ... එතකොට සේරම හරියනවා...!!!
විවාද තියෙන්නේ වැඩේ දන්නේ නැති කෙනා... අනුන්ගේ අදහස් ටික එකතු කරගන්න... !
SBJ එකයි JVP එකයි මෙයා විවාධය ඉල්ලන දාට පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වැලකි සිටිය යුතුයි.