(නිමල කොඩිතුවක්කු)
රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සමගි ජන බලවේගය කිසිවිටෙකත් අගමැති ධුර බාර ගැනීමට කටයුතු නොකරන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොලඹදී අද (17) පැවසීය.
සමගි ජන බලවේගයේත්, සමඟි ජන සන්ධානයේත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා අවශ්‍ය වන්නාවූ ඉදිරි කටයුතු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සාකච්ඡාවට ලක්වූ බවත් අත්තනායක මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හීන දකිනවද? තමුන්ගේ අතීතය, ලේකම් කාලේ පාවාදීම් මතකද?
කාටත් බැරිනම් ඉතින් නිතරගයෙන් දිනුම්..!
සෞඛ්‍ය ඇමැතිකම ගන්න පැනපු කෙනා කියන කතා? ඔයා ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.. දන්නෝ හොඳාකාරවම දනිති.
ඉතින් ඉන්න... සජිත් ජනාධිපති වෙනතුරු. කයිය විතරයි.
මෙයාට හොඳම තැන මයිනාගේ තුරුල්ලයි...!
තිස්ස තිස්ස.., තමුන් යන යන පැත්ත පරාජයට පත්වෙනවා. ඒ නිසා තමුන් සජිත්ට බාධා නොකර හිටියා නම් හොඳයි... අපිට මතකයි තමුන් මුදලට කළ පාවාදීම...!
කවුද දෙන්නේ?
ඔබ නිතරම පරාජිතයි...
ඔබට ඔය වචන ටික කතාකරන්න හරි ඉඩලැබුණේ එජාපයට පින් සිද්ද වෙන්න. දැන් උඩරට, පහත රට කියලා කඩේ යනවා. කවුද හීනෙකින්වත් හිතුවේ.. කන්න දීපු අත හපාකන්න එපා. දැන් වයස කීයද?
අගමැතිකම කම ගන්න ආසයි භයයි. රට බොහෝම අසීරු තත්වයට පත් වී ඇති මොහොතේ ඔවුන්ට කළ හැකි දෙයක් නොමැත. කට තිබුනට වැඩ බැ.
රනිල් ජනාධිපති වුණොත් රට තවත් වලපල්ලට...!