
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඓතිහාසික ජයග්‍රහණයක් ලබාදීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව මේ වන විටත් පෙළ ගැසෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
නියමිත වෙලාවටම ජනපතිවරණය පවත්වන බවට ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර තිබෙන බව කී අබේවර්ධන මහතා ජාතික නායකයෙක් ලෙස රනිල් ඉතිහාසයේ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් නැවත ජනාධිපති ධුරයට පත්වන බවද ප්‍රකාශ කළේය.
නැවතී තිබූ රට නැවතත් ඇරඹී ඇති බව කී අබේවර්ධන මහතා ලංකාවේ සෑම හෝටලයක්ම දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී යන්නට පටන්ගෙන තිබෙන බව සඳහන් කළේය.
ගාල්ලේ පාපන්දු තරඟයක ත්‍යාග ප්‍රදානෝත්සවයකට සහභාගී වෙමින් වජිර අබෙිවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්... අපිත් ඉන්නේ ඡන්දයක් එනකම් තමයි.
ඔව්, ඔව් පෙළ ගැසී ගැසී ඉන්නවා.
මොලේ අමාරුකාරයෝ කොච්චර ඉන්නවාද?
දැන් ඉඳන් පෝලිමේ ඉන්නේ, ඉක්මණටම ඡන්දෙ තියන්න.
ඇයි ගෙනැල්ලා මොනවා කරගන්නද? ඉතුරු දේශීය කර්මාන්ත ටිකත් නැත්තටම නැතිකරලා දාගන්නද?
විදුලි පුටුවක් ගැනත් මම අහලා තියෙනවා.
ඔව් ඉර පායන්නේ, වහන්නේ, මල් පිපෙන්නේ රනිල් නිසා, සංචාරකයෝ එන්නේ රනිල් නිසා, මේ ගම්වල අපි සැදී පැහැදී ඉන්නවා රනිල් බලයට පත් කරන්න. අවුල වසර හතලිහක් කරන්න බැරි දේ වයසට ගියාම කරන්න හැකිද කියන එකයි...
බැඳුම්කර හොරුත් හොරු කියපු අයත් එකම වෙිදිකාවේ, එන්පීපියට බයේ සමූපකාර ඡන්දයක්වත් තියන්න බැරි රනිල් පත්කරන්න අපි බලාගෙන ඉන්නේ...!
ජනතාව කෙසේවෙතත් රනිල් මහතාගේ පරණ හිතවතා අකුදී සහෝදරයා නම් එතුමාව ජනාධිපති කරන්න දිවා රාත්‍රී වැඩ කියන එක දේශපාලනය විඥාණය ඇති අයට දැනෙනවා...
පිස්සු නැත්තන් ශෝක්...!
අපේ ගම්වල නම් UNP කාරයෙක් හොයාගන්න බැහැ. පුලුවන් නම් එක ගමකින් 100ක් ගෙනැල්ලා පෙන්වන්නකෝ.
ඔව් ඔව් බොලං. ඒ පෙළ ගැස්මට මාත් ගියා. මම පෝලිමට සෙට් වෙද්දී කිලෝමීටර් 10ක් පිටිපස්සේ හිටියේ. ඒ අස්සේ මිනිස්සු දැඩිව ඉල්ලා සිටියා වජිර අගමැතිවරයා කරන්න කියලා. මම එක පාරටම ගැස්සිලා ඇහැරිලා බලද්දී ඒක මේ හීනයක්නේ..!
බුද්ධික සහජාන්ට ගෝල්ෆේස් අරගලය අමතක වුණාද ඒ කාලයේ මොනවා වෙලා තිබුණද? කොහොම වුණත් ඔය දෙන්නා ප්‍රභාකරන් කියපු දේ සත්‍ය කරලා තියෙනවා. ඔය දෙන්නා දැන් කල්පනාවට ගන්න 2019 මහා මැතිවරණය වෙලාවේ රනිල්ට එකම ආසනයක්වත් ලැබුණේ නැහැ. ඒත් උන්නැහේ රටේ ජනාධිපති වුණා. ජාතක කතාවල දැක්වෙනවා අතීතයේ රටේ රජ්ජුරුවෝ මැරුණාම රජකමට රජුගේ පුතෙක් නැත්නම් මංගල හස්තියා සරසා යවලා රජු තෝරා ගන්නවා කියලා... ඒ වගේ තමයි රනිල් ජනාධිපති වුණේ (රනිල් ජනාධිපති කරන්න ඇතෙක් ගියේ නැහැ තමයි) කවුරු කොහොම කිව්වත් රනිල් කියන්නේ ඉතාමත් පුණ්‍ය ශක්තියක් තියෙන කෙනෙක් කියන්න පුළුවන්.. පව්කාරයින්ට ඒක තේරුම් ගන්න හැකියාවක් නැහැ. බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටි සමයේ උන්වහන්සේට කොපමණ අපහාස උපහාස කළාද? ඒ ගැන සිතනකොට ඔය උත්තමයින්ගේ කතා මොනවද බුද්ධික?
ඈ අබිලින්? පුණ්‍ය ශක්තිය කෙසේ වෙතත්, පුරුෂ ශක්තිය තියෙනවාද කියලා පොඩ්ඩක් බලලා කියනවද? දැන් ඉන්න වොඩ්කා ලේකම්තුමාම තමයි ප්‍රසිද්ධියේ ඇහුවේ "පරපුරක් නැති කෙනෙක් පරපුරකට කරන්නේ කොහොමද" කියලා...?