IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රනිල් නිර්පාක්ෂික වේ

(අංජුල මහික වීරරත්න)

ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බවද කරුණානායක මහතා කීය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කීවෙි කොළඹදී අද (25) පැවති මාධ්‍ය හමුවකදීය.

රට කඩාවැටීමට අදාළව නිලධාරීන්ට ද වගකීමක් ඇති බව කී හිටපු අමාත්‍යවරයා රට ඉදිරියට ගෙනයාමට නම් නිලධාරීන් ද සැලසුම් සහගතව මීට වඩා මැදිහත්වීමක් කළ යුතු අතර මේ මොහොතේ එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකරන බවත් සඳහන් කළේය.

 



අදහස් (14)

රනිල් නිර්පාක්ෂික වේ

Akila Sunday, 25 February 2024 04:27 PM

දවසේ විහිළුව! සුපුරුදු පරිදි ඔය ඡන්දෙට වැඩියෙන්ම මුදල් නාස්ති කරන්නේ UNP කාරයින්...!

:       0       0

Prabha Sunday, 25 February 2024 05:23 PM

විලි ලැජ්ජාවක් නැතිව මහ බැංකුවට උපදෙස් දෙනවා...

:       0       0

චතුර Sunday, 25 February 2024 05:55 PM

අපිත් හරිම ආසාවෙන් ඉන්නේ එයා නිර්පාක්ෂික වෙලා, එහෙමම එයාව ගෙදර යවන්න...!

:       0       0

මැක්ස් Sunday, 25 February 2024 06:20 PM

කිලිනොච්චි යනවා කියලා මැදවච්චි ගිය තමුන්නාන්සේලා දැන් අවලංගු කාසි අනේ... රනිල් මහත්තයා වෙනුවෙන් ඔබතුමාලාට කරන්න පුළුවන් ලොකුම දේ තමයි දේශපාලනයෙන් අයින් වෙලා ඉන්න එක...!

:       0       1

අරවින්ද මොනරවිල Sunday, 25 February 2024 06:36 PM

මොන පාක්ෂික වුණත් අපිට කමක් නැහැ.. පිනාව ගෙදර අරිනවා අනිවාර්යයෙන්ම...!

:       0       2

Rata Perata Sunday, 25 February 2024 07:37 PM

දැන් ටිකක් වැඩිපුර කොණ්ඩෙ හදපු චීන්නු ඉන්න නිසා හොඳයි.

:       0       1

පිටරටවැසියා Sunday, 25 February 2024 08:45 PM

හරි, අපි එතුමාව ජනාධිපති කරලා, මෙතුමාව මුදල් ඇමැති කරමු... තේරෙන්න කියන්න එපැයි ආයුබෝවන්ඩ..

:       0       3

Nimal Sunday, 25 February 2024 09:41 PM

මහදවල්, මහ බැංකුව අමු අමුවේ කොල්ල කෑම සාධාරණයිද? නිර්පාක්ෂිකව ආවත්, පක්ෂයකින් ආවත් මෙයාව මීළඟ මැතිවරණයේදී ජනතාව එළවා දමනවා ඔහුගේ ගෝලයින් එක්කම.

:       0       4

G. K. Ekanayake Sunday, 25 February 2024 10:42 PM

නිර්පාක්ෂිකයි කියන්නේ කිසිම පක්ෂයකට මෙයා ගන්නේ නෑ කියන එක... රවී හරියටම හරි..!

:       1       5

chandima Monday, 26 February 2024 03:37 AM

මහබැංකුවේ නිලධාරීන්ට වැරැද්ද පටවලා චන්දෙට සල්ලි නොදී ඉන්න වගේ හදන්නේ ?අම්බ කපටියෙක් ?

:       1       6

B Amarasinghe Monday, 26 February 2024 04:49 AM

එහෙනම් එජාපයෙන් අස් වෙලා ඉන්නකෝ

:       2       5

Perera Monday, 26 February 2024 05:11 AM

මූත් ඉවරයි එජාපෙත් ඉවරෙටම ඉවරයි

:       2       7

AB Monday, 26 February 2024 08:04 AM

National ID Card / Social insurance Number යනු රජයෙන් පුද්ගලයකුට ලබා දෙන්නා වූ අතිශය පුද්ගලික අංකයකි. නමුත් ලංකාවේ National ID Card රටේ පුරවැසියන් හට තිබුනද එම අංකය බොහෝ අවස්තාවන් වෙත යොදාගැනීමට සිදුව තිබෙන්නා වූ නිසා රහස්‍ය බවක් නොමැත. පසුගියදා සියබලාපිටිය ඇමතිවරයා කියා සිටියේ National ID Card සහ Tax Identification Number (TIN ) එකට නිකුත් කරනා බවකි. එසේ නිකුත් කල හැකිය. එසේ උවත් පුද්ගලයකු බදු ගෙවීම ආරම්භ වූ පසු income tax number (unique number ) අතිශය පුද්ගලික විය යුතු අතර එම අංකය Iland Revenue Department සහ එම බදු ගෙවන පුද්ගලයා පමණක් දැනගතයුතු වේ. එසේ නොවුනහොත් අනාගතයේදී යම් ගැටළු මතුවීමට ඉඩ ඇත.

:       0       3

සෙනෙවිරත්න Monday, 26 February 2024 11:36 AM

මෙන්න අව්‍යාජ නිර්පාක්ෂිකයා හඳුන්වාදෙන පිරිසිදු මහත්මයා, ඇලොසියස් ගෙයක් නුදුන් බව නොදත් අවංකයා, රටේ මිනිස්සු මැරිල ඉපදිලා නැහැ

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site