(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (10) කුලියාපිටියෙන් මැතිවරණ සටන අරඹයි.
"සැබෑව" යන තේමාව මුල් කර ගනිමින් සංවිධාන කෙරෙන මැතිවරණ සටන ඇරැඹීමේ ප්‍රථම මහජන රැළිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී ඉරිදා (10) පස්වරු 2ට පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසූයේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සහභාගී වන ප්‍රථම මහජන රැළිය මෙය බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බව කී කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂය ලෙස ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා මෙම මහජන රැලිය සංවිධාන කරන බව කීය.
නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා ඉදිරියේදීත් විවිධ පාර්ශ්ව වෙතින් මහජන රැලි සංවිධාන කෙරෙනු ඇති බව කී කාරියවසම් මහතා අවසානයේ සියලු බලවේගය එක්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කෙරෙනු ඇති බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල් ඉරිදා ’’සටන’’ අරඹයි
අරවින්ද මොනරවිල Wednesday, 06 March 2024 08:57 AM
බොරුව හොඳටම කරන නිසා සැබෑව කියලා නම දාන්න හිතෙන්න ඇති, අලි බොරුව කියලා නම දා ගත්තා නම් වැඩේට ගැලපෙනවා...
Simiyon Wednesday, 06 March 2024 09:16 AM
මේ සැරේ රනිල්ව ගිනස් පොතටත් දානවා 31 වෙනි වතාවටත් පැරදිච්ච විදියට... ලොවෙත් නෑ... ලොවි ගහෙත් නෑ...
Pradeep Wednesday, 06 March 2024 09:46 AM
පල් හොරෙක්... පාදඩයෙක්... අසික්කිත පාලකයෙක්... මේ අවසානය තමයි.
Lakmal Wednesday, 06 March 2024 09:56 AM
අනේ... අකිල නොදුටු මොක්පුර...!
Nimal Wednesday, 06 March 2024 10:54 AM
දැනටමත් අන්ත පරාජයක් ලැබී හමාරයි. මෙදා සැරේ අපිත් කම්මුතුයි.
Banda Wednesday, 06 March 2024 01:21 PM
කුලියාපිටිය නිමය තෝරාගැනීමක්. වොක්ස්වැගන් ෆැක්ටරිය ඉස්සරහාම රැස්වීම තිබ්බා නම් මරේ මරු...!
fairoos Wednesday, 06 March 2024 02:01 PM
කුරුණෑගල ජනතාවට හොඳ අවස්ථාවක්.