(අංජුල මහික වීරරත්න)
රනිල් පාලන බලයේ සිටින තුරු රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන ජනතාවගෙන් එක් අයෙකුටවත් බඩගින්නේ ඉන්නට ඉඩ තබන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා ගාල්ලේ දී පැවසීය.
ලංකාව පාලනය කිරීමට දායක වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු දෙනා ගත් ණය ගෙවමින් ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඉටුකරමින් සිටින බවද අබෙිවර්ධන මහතා කීය .
වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි අඩු ආදායම්ලාභී පවුල් ලක්‍ෂ 29 කට එක් පවුලකට මසකට නොමිලේ සහල් කිලෝ 10 ක් ලබාදීමේ ජාතික වැඩසටහනට අනුව ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැති උත්සවය අමතමිනි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් එක් ලක්ෂ හැට දහසකට මෙහිදී නොමිලේ සහල් පිරිනැමෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න අනික් පැත්තේ තියෙනවා නිව්ස් එකක් - උගත්තු 24 ලක්ෂයක් රට දාල ගිහින් කියල. මම අවු 20 විතර ඉඳන්, නිතර රට යන එන කෙනෙක් ඒ නිසා මේ රටට වේගන යනදේ දන්නවා. මේ රට කාන්තාරයක් වේගන යන්නේ. මෝඩ රැලක් විතරක් ඉතුරු වුණාම කන්න ටිකක් දීල චන්දෙ පොකට් ගහන්න ලේසියි.
කියන්න වදන් නෑ මුව මගෙ ගොළු වෙලා....
ජනතාවගේ පිනට පහළ වෙච්ච ජනාධිපති උතුමාණන් !!!
එදා වේල් තුනක් කාපු බොහෝ දෙනෙක් අද කන්නේ යන්තම් එක වේලයි. රනිල් යවන තුරු බොහෝ දෙනෙක් බඩගින්නේ යනුවෙන් මෙම ප්‍රකාශය නිවැරදි විය යුතුයි
මාසෙකට පවුලකට හාල් 10 ක් ඇති කියලා හිතන අදබාල දේශපාලුවෝ
කටේ තරමට මොලය වර්ධනය වෙලා නැති, බුද්ධිහීන මනුස්සයෙක් නිසා මෙයාට රටේ සැබෑ තත්වය ගැන අවබෝධයක් වෙලා නැති හැඩයි. එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ වාර්තා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ථා, මහ බැංකුවේ වාර්තා හා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා දකින කියවන අයෙකුට මෙහෙම ගොන් කතා කියවන්නේ නැහැ.
ඒක ඇත්ත. මිනිස්සුන්ට කන්න නැති නිසා බඩගින්න හුරු වෙනවා.
මුන් වගේ ගොන්නුන්ට රැවැටෙන ජනතාව දැන් නැහැ.
ඇත්ත අපිට බඩගිනි වෙන්නේ නෑ . මොකද අපිට බඩගිනි වුණාට කන්න විදියක් නැති හින්දා
රනිල් හදෙන් හාල් ගෙනත් දෙන්ඩ හිතන් ඉන්නවද.? තමුන් වගේ හාල්පාරුවෝ කියන අමන කතා දැන් කවුරු වත් විස්වාස කරන එකක් නැහැ .
ඔන්න බබෝ බත් ගොට්ටෝ ඉන්නවා.
මොනවා කියනවාද? රට විකුණන් කමු...!
ඔව් ඔව් රනිල් තමයි දෙන්නේ හැමෝටම කන්න.