IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රන්බිස්කට් යැයි ලයිටර් පෙන්වා ලක්ෂ ගණනින් වංචා කරලා

(සුරංග රාජනායක)


විදේශ රටකින් ගෙනෙන ලද රන් බිස්කට් යැයි පවසමින් වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පුද්ගලයෙක්ට  රුපියල් ලක්ෂ දහයකට විදේස් රටක ලයිටර් වර්ගයක් අලෙවිකර මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර්ජාලය හරහා රන් බිස්කට් වල ඡායාරූප ලබාගෙන එය ගැනුම්කරුවන්ට පෙන්වා වැඩි මුදලට අලෙවි කර ඇතැයිද, ඒවා  රන් බිස්කට් හැඩයට හා රූපයට සමාන  විදේශ රටක ලයිටර් වර්ගයක් බව  අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පොළ පුස්සල්ලාව වහුගපිටිය හා හෙල්බොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

මොවුන් මේ ආකාරයට රට පුරා යමින් ව්‍යාපාරිකයින්  මුදල් ඇති පුද්ගලයින්  පුද්ගලයන් මිතුරු කරගෙන මෙම ව්‍යාජ රන් බිස්කට් ජාවාරමට හසු කරගෙන තිබේන බව පොලිසිය සඳහන් කරයි.

රන් බිස්කට් යැයි පවසා පෙන්වා තිබූ රන් පැහැති ලයිටරයක් හා විදේශ මුදල් නෝට්ටු කිහිපයක් සමග එම භාණ්ඩ එක් සැකකරුවකුගේ ගෙවත්තේ කෙසෙල් පඳුරු අසල අඩි තුනක් පමණ යට වලක් කපා එහි වළදමා තිබියදී පොලිසිය සොයාගෙන තිබුණි.


 



අදහස් (1)

රන්බිස්කට් යැයි ලයිටර් පෙන්වා ලක්ෂ ගණනින් වංචා කරලා

Perera Friday, 22 March 2024 07:54 AM

ලංකාවේ ඉන්නේ මොන තරම් ගොන් බූරුවන්ද කියලා හොඳටම දන්නේ දේශපාලුවෝ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site