IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රන්බඩු-ලැප්ටොප් සොරකම් කළ හිටපු රාජ්‍ය සේවකයාට වැඩ වරදී

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                     

දිවා කාලයන්හි නිවෙස් වල දොරගුලු කඩා ඇතුලුවී රන් භාණ්ඩ හා ලැප්ටොප් පරිඝනක හා ජංගම දුරකතන සොරාගන්නා හිටපු රාජ්‍ය සේවකයෙකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මිලෙන් අධික ලැප්ටොප් පරිඝනක 4ක් ජංගම දුරකතන 4 ක් හා සොරාගෙන විකුණා තිබියදී උණුකර ගුලි වශයෙන් තිබූ රත්‍රන් තොගයක් සමගින් එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටිය එලතලව ප්‍රදේශයේ අයෙකි.

මාකඳුර රෝහල් සේවකයෙකුව සේවය කරමින් සිටියදී සැකකරු මීට ඉහතදීද සොරකම් සම්බන්ධව නීතියෙන් දඬුවම් ලබා සේවය පවා අහිමිවූවෙකි.

එමෙන්ම කුලියාපිටිය ඇතුලු අධිකරණ කිහිපයකම සැකකරු සම්බන්ධව විභාගවෙමින් පවතින නඩුකටයුතු පවතින බවද පොලිසිය පැවසීය.

කුරුණෑගල, නාරම්මල, කුලියාපිටිය හා වීරඹූගෙදර ආදී පොලිස්ථාන වල ඇති පැමිණිලි හා සැකකරු විසින් දිගින් දිගටම ලැප්ටොප් පරිඝනක ආදිය අළෙවිකරන බවට ලද තොරතුරක් පාදක කරගනිමින් පොලිස් ඇස සැකකරු වෙත යොමු කරගන සිටියදී කුලියාපිටිය ඇපලදෙණිය ප්‍රදේශයේදී සැකකටයුතු භාණ්ඩ සමගින් සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී තමන් විසින් සොරාගත් භාණ්ඩ පිළිබඳව අනාවරණය කර තිබිණ සැකකරු හා අදාළ භාණ්ඩ තොගය කුලියාපිටිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.

         

 



අදහස් (0)

රන්බඩු-ලැප්ටොප් සොරකම් කළ හිටපු රාජ්‍ය සේවකයාට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site