
(ෂේන් සෙනෙවිරත්න)
අවසාන රන්දෝලි මහ පෙරහර වීදි සංචාරය කරන අවස්ථාවේදී අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගතකළ මෙරට ප්‍රකට මංගල ඡායාරූප ශිල්පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී දළදා මාළිගාවට ඉහළ අහසේ එම ඩ්‍රෝන කැමරාව ගුවන් ගත කරමින් පෙරහර ඡායාරූපගත කිරීමට අදාල පුද්ගලයා උත්සාහ කොට ඇති අතර ගුවන් හමුදා නිලධාරීන් එම ඩ්‍රෝන කැමරාව නිරීක්ෂණය කිරීමෙන් පසු ඩ්‍රෝන ජෑමරය යොදා එය අක්‍රිය කොට බිම හෙලීමට කටයුතු කොට තිබුණි.
ගුවන් හමුදාව විසින් සිදු කළ වැඩිදුරු විමර්ශනයේදී එම ඩ්‍රෝන කැමරාව ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේම හෝටලයක සිට ගුවන් ගත කොට ඇති බවට නිරීක්ෂණය වීමෙන් පසු අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
.
මහනුවර ශ්‍රී දළදා මාලිගාව අධි ආරක්ෂක කලාපයට අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා යොමු කිරීම තහනම් වන අතර තුන්වෙනි රන්දෝලික පෙරහර ගමන් කරන අවස්ථාවේදී ද ද්‍ඩ්‍රෝ කැමරාවක් ගුවන් ගත කල පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේකේ ඇති වැරද්ද? මේ වගේ යල්පැන ගිය අදහස්, පුහු-නිති අත්හරින්න, ඩ්‍රෝන යානයකින් පෙරහැරට හානියක් වෙන්නේ කොහොමද? ඒක නිති විරෝධි වෙන්නේ ඇයි? කවුද මේ රටේ මේ තීරණ ගන්නේ? අපේ රටේ ලිං මැඩි ආකල්ප ගැන බොහෝම කණගාටුයි
මට ඇහුනා එක සුප්‍රසිද්ධ ස්වාමින්වහන්සේ නමක් ධර්ම දේශනාවක් අතර තුර ඔය ඩ්‍රෝන කැමරාව කියන එකට " කැමරා බඹරා" කියල ලස්සන ගැලපෙන සිංහල නමක් කියනවා.
ජාතික උත්සවයක්. හැබැයි කැමරා කරන්න තහනම්...
දළදා මාළිගාවට ඉහළින් ගුවන් යානා පියාසර කරන්නෙත් නැහැ. දන්නේ නැත්නම් දැන්වත් දැනගන්න...