
(ටී.කේ.ජී.කපිල)
අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අද (05) අත් අඩංගුවට ගෙන තිබේ.
32 හැවිරිදි රන්දිමාල් ගමගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීවරයෙකු ලෙස සේවය කරන්නෙකු වන අතර ඔහු ගාල්ල , කරාපිටිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.
කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොහුගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී මොහුට රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව එම දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ පෙන්නුම් කර තිබේ. එහෙත් ඔහුට රටට ඇතුළු වීමට තහනමක් නොමැති නිසා ඔහු එතැනින් නිදහස් කිරීම සිදුවනවාත් සමගම කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් එතැනට පැමිණ මොහු අත් අඩංගුවට ගැනීම සදහා ලිඛිත ඉල්ලීමක් ඉදිරි පත් කර මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී රජයේ දේපළ වලට අලාභ හානි සිදු කිරීම යන චෝදනාව යටතේ කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම මත මෙසේ මොහු අත් අඩංගුවට ගෙන තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් කන්ජිපානිලාට කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. අත්අඩංගුවට ගන්න කිසිම කෙනෙක් නැහැ...
කන්ජිපානි පැන්නට කමක් නෑ... ගස්ලබු පලුව කාපු අය අල්ල ගත්තානේ....
කන්ජිපානි ගොයියා රටින් පනිනකල් දන්නේ නැති රනිල්ගේ පොලිසිය මේ අහිංසකයෙක් අල්ලගෙන පොරවල් වෙන්න හදනකොට අපිට කොතැනින් හිනාවෙන්නද හිතාගන්න බැරුව මේ ඉන්නේ...
ඕනෑම කෙනෙකුට නීතිය තමා අතට ගත හැකියි යන අදහස සමාජගත කිරීමට දායක වූ මෙවැන්නන් සිටිය යුත්තේ හිර ගෙදරයි. එසේම, මොවුන්ට ඩුබායි ගොස් වියදම් කිරීමට මුදල් වැයකළේ කවුද සහ අරගලයට මුදල් පොම්ප කළ අය ඊට සම්බන්ධද යන්නත් සොයාබැලිය යුතුයි...