
(ජේ.ඒ.එල්.ජයසිංහ)
හසලක ශිෂ්‍ය භට පුහුණු කඳවුරකට ගිය මහනුවර ප්‍රදේශයේ බාලිකා පාසල සිසුවියකට එම කඳවුරේ නාවාතැනගෛන සිටියදි රාත්‍රී කාලයේ පැමිණි නාඳුනන අයකු අතවරයක් කර පළාගොස් ඇතැයි හසලක පොලිසිය කියයි.
මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ පාසලක සිසුවියන් පිරිසක් මෙසේ රන්ටැඹේ පිහිටි ශිෂ්‍ය භට පුහුණු කඳවුකට ගොස් ඇත. එහි නේවාසිකව සිටියදි මෙම අකරතැබ්බයට මුහුණ පා ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
කාමරයේ නිදා සිටි මෙම සිසුවියගේ පාදය ස්පර්ශ කර පළා ගොස් ඇතැයි පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හසළක පොලිසිය හ රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුඳු කඳවුරේ නිලධාරීන් වැඩිදුර පිරීක්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන්ටැඹේ පුහුණුට ආ සිසුවියකට අතවරයක්
පිටිගල මිලානෝ Friday, 10 March 2023 03:25 PM
මේ ළමයින්ට පුහුණුව දෙන්නේ රණවිරුවන්ද? මේ ළමයින්ගේ ආරක්ෂාවට රෑට ඉන්නෙත් රණවිරුවන්ද? එහෙනම් නම් රණවිරුවන්ට හොරෙන් වනචරයෙක් කොහොමද ඔතෙන්ට රිංගන්නේ? රංටැඹේ කෑම්ප් එකේ පුුහුණුවට මොනා අඩංගුද කියන එක නම් දැන් ප්‍රශ්නකාරියි වගේ… පශ්චාත් විවාහක පාඨමාලාවම මේ පුහුණුවේ තියනවා වගෙයි පේන්නේ...
sampath Friday, 10 March 2023 09:34 PM
සිසුවියන් තබා සිසුවන්වත් අපේ කාලයේ කැඩෙට් කරන්න යන්නේ හරිම කලාතුරකින්... මේවගේ දෙමව්පියන්ගේ ආරක්ෂාව යටතේ කරන පුහුණුවක් දවල්ට කරලා ළමයින්ට දෙමව්පියන් එක්ක ඉන්න ක්‍රමයක් හදන්න.
damian Saturday, 11 March 2023 04:45 PM
යාලුවෝ විහිළුවට කකුල අතගෑවාද කවුද දන්නේ? සමහර ළමයි අධිකව කලබල වෙනවා...