(අංජුල මහික වීරරත්න)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදීමේ ලිපි ලේඛන වලට වැඩි ප්‍රමාදයකින් තොරව අත්සන් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහතික වූ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
සිර දඬුවම් විඳිමින් සිටින රාමනායක මහතාට අදාළ පත්‍රිකාවලට අත්සන් තබා අනිවාර්යයෙන්ම සමාව ලබාදෙන බවට ජනාධිපතිවරයා සහතික වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කීය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාමනායක මහතා අධිකරණයට සමාව අයැද සිටි බව මීට පෙර වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ හාදය සම්බන්ද නම් නිදහස නෙමෙයි කිසිදෙයක් ගන්න එප.
ප්‍රමාද වෙන්නේ ජනාධිපතිගේ අත්සන එච්චර දිගද...?
ඔව් ඉතින් වෙනමුකුත් කරන්න බැරි එකේ මේක හරි කරලා යන්නයි තියෙන්නේ... දැනට රටේ තියෙන දැවෙන ප්‍රශ්නවලට වඩා මේකතමයි වැදගත්...
ඔයා පැත්තකට වෙලා හිටියා නම් හොඳයි. නිකන් වණකරගන්නේ නැතිව. පිම්පියා වැඩේ කරයි..
අත්සන ගහන්න ඔයතරම් අද්දන්නේ මොකද මන්දා?
මේ ගොල්ලෝ එකවල්ලේ පොල්... සේවය සපයන්නෝයි, සේවය ලබන්නෝයි...