(ඉන්දිකා රාමනායක)
හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට ප්රමාණයවිශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත්කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත මෙම විශේෂ පොලිස් කණ්ඩායම් පත්කර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසීය.
බස්නාහිර පළාත තුළ ඇති පොලිස් ස්ථාන වලින් හා විශේෂ ඒකක වලට අයත් පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන් මේ කණ්ඩායම් සඳහා පත්කර ඇති බවත් එක් කණ්ඩායමකට සහකාර පොලිස් අධිකාරීවරයකු , ස්ථානාධිපතිවරයකු ඇතුලු සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බව එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.
රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති මෙම හඬපට වල පිටපත් පොලිසිය වෙත ලැබුණු පසු ඒවා මෙම විශේෂ පොලිස් කණ්ඩායම වෙන් වෙන් වශයෙන් විශ්ලේෂණය කරන බවද එම උසස් නිලධාරියා කියා සිටියේය.
මේ සඳහා පරිගණක ඇතුලු යටිතල පහසුකම් ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය මේ සඳහා ලබා ගන්නා බවද පොලිසිය කියයි.
මෙම හඬපට විශ්ලේෂණය කර රන්ජන් රාමනායක මහතා අධිකරණයට , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, හා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ පරීක්ෂණවලට සිදුකර ඇති බලපෑම් සම්බන්ධයෙන් අපරාධ නඩු විවිධාන සංග්‍රයට අනුකූලව වෙන් වෙන් වශයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඔහුට එරෙහිව නඩු පැවරීමට ක්‍රියා කරන බවද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන්ට බැරිද මාව අත්අඩංගුවට නොගන්නැයි කියලා පෙත්සමක් ඉදිරිපත් කරන්න.
දැන් කරන්නේ පුද්ගලික මාධ්‍ය තෝරාගත් හඬපට සහ ඒ අයට වාසි හඬපට විතරක් ප්‍රචාරය කරන එක. හඬපට ලක්ෂයම අන්තර්ජාලයට මුදා හැරියා නම් මිනිස්සු වඩාත් රසවත් හඬපට තෝරාගෙන ඒවා අහවි. ඒ වෙබ් එකට ඇඩ් දාලා රජයටත් කීයක්හරි හොයාගන්න පුළුවන්. වැඩිපුර නම් කියවෙන හඬපට එක්ක ඒ ඒ පුද්ගලික මීඩියාවලට වුවමනා කරන්නේ මොකද්ද කියලා මිනිස්සුන්ට අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ...
පොලිස් විශ්ලේෂණයක් ප්‍රමාණවත් වන්නේ යැයි සිතන්න අපහසුයි. මේ `හඩපට` නිර්ව්‍යාජ දැයි නිශ්චය කිරීම සඳහා චීන හෝ ඇමරිකන් විශේෂඥයන් කණ්ඩායමක් සේවය ලබා ගන්න.
ඔය විශ්ලේෂකයන්ගෙන් කී දෙනෙක්ගේ හඬපට එළියට දෙයිද දන් නැහැ....................
මේ වටිනා කාලය රටේ සංවර්ධනයට යොදන්න...
තේරුමක් නැති විහිළු...!! මහජන මුදල් නාස්ති කරන්න එපා. අවසානයේ ඔහු වීරයෙක් පමණි.
පාරේ හන්දියක ට්‍රැෆික් මෙහෙයවන්නේ නැති පොලිසිය නැතිවුණාට හඬපට හොයන්න විතරක් කණ්ඩායම් 10ක්...
එක්ලක්ෂ විසිඑක්දාහ කණ්ඩායම් 10 න් බෙදුවහම එක කණ්ඩායමකට 12000 ක් විතර පරීක්ෂා කරන්න වෙනවා. දවසට 100 ගන්නේ බැලුවොත් දවස් එකසිය විස්සක් යනවා. හරිනේ බොලේ, එතකොට මහා මැතිවරණෙ එනවා. අම්මපා ආණ්ඩුවේ මොළේ.. දැන් ඉතින් චම්පිකලා, රාජිතලා, සරණලා පැත්තකට දාමු. මහබැංකු, වෝහාරික විගණන, තාජුදීන්, සිරිලිය එහෙම හමස් පෙට්ටියට දාමු. රන්ජන්ගෙන් පුළුවන් එළවලු හාල් පැට්‍රොල් අමතක කරවලා බය නැතුව මැතිවරණෙට යන්න ගැලවුම්කාරයෙක් පහළ විය.