
(තිලකරත්න දිසානායක)
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂය මගින් මැතිවරණ නීති රීතීන් උල්ලංඝණය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බව සදහන් කරමින් අපේ ජනබල පක්ෂය ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකය වෙත අද (29) පෙරවරුවේ පැමිණිල්ලක් බාරදීම සිදු කළහ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක ජීවන් චතුරංග ශ්‍රීමාල් මහතා සදහන් කර සිටියේ, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂය මගින් මුදල් ලබාදීම ආදිය සිදු කරමින් කරනු ලබන නීති විරෝධී ක්‍රියාවන් සදහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් සියලු අපේක්ෂකයින් වෙනුවෙන් නීතිය සාධාරණව සලසා දෙන ලෙස ඉල්ලා සිටිමින් පැමිණිල්ල බාරදීම සිදු කළ බවත්ය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන්ජන්ගේ පක්ෂයට එරෙහිව පැමිණිල්ලක්
යෝගා Tuesday, 29 October 2024 05:26 PM
මූණට මේක්අප් දාලා, බොරු කොණ්ඩ දාලා සැබෑ ස්වරූපය හංගලා එන අපේක්ෂකයෙක්ව විශ්වාස කරන්න පුළුවන්ද? පටන් අරන් තියෙන්නේම බොරුවෙන්...
මැක්ස් Tuesday, 29 October 2024 05:40 PM
ජනතාව හමුවේ දේශපාලන වීරයාගේ චරිතයට පණපොවන, තමන් ජනතාව අන්දන දේශපාලනයෙන් ව්‍යුක්ත වූ ‘කියන දේ කරන - කරන දේ කියන’ සුදෝ සුදු දේශපාලකයින් ලෙසින් හඳුන්වා ගන්නා මෙන්ම ඒ කුලකයේ සිටින මෙරට එකම දේශපාලකයා තමා යැයි හඳුන්වා ගන්නා ර.රා.ගේ කෙරුවාව සුගතදාස ක්‍රීඩාංගණ නාටකයෙන් කරලියට ආවේය. එසේම, මෙවන් විගඩම් නැටීමට මොවුන්ට මුදල් ගලා එන්නේ කොහෙන්දැයි සොයා බැලීමත් අවැසියි. නඩු දාපු මහතා සිදුකර ඇති දේට පොදු ජනතාව ප්‍රණාමය පුද කළ යුතුයි. නමුත් එසේ කළා යයි කියා ඔවුන් මැති සබේ යැවීමට නම් නොසිතිය යුතුයි...!
Lankaputhra Tuesday, 29 October 2024 05:50 PM
පක්ෂයේ ප්‍රචාරක කටයුතු කරන දැන්වීමේ මුලින්ම දෙමළෙන් දෙවනුව සිංහලෙන් තෙවනුව ඉංග්‍රීසියෙන් පක්ෂයේ නම සඳහන් කරනවා නම් අපේ රටේ අපේ ජනතාවට ඔවුන්ගෙන් කුඩම්මාගේ සැලකිල්ල හෝ ඊටත් අඩු සැලකිල්ලක් කියලා ජනතාව තේරුම් ගන්නවා නම් හොඳයි. රංජන්ට කැමැති වුණෙත් මේ හේතුව නිසා... ඔහු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න වෙනවා..!
වික්‍රම විදුර Tuesday, 29 October 2024 07:10 PM
අර තමිල්නාඩුවේ විජේ එන්නේ.. අන්න ඒ වගේ විපතක් තමයි මෙයා ආවත්. ඉස්සෙල්ලාම පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටියේ සම නිෂ්පාදක තුමා හොයලා ඒ අසාධාරනේ ගැන අහන්න..
Saliya Tuesday, 29 October 2024 07:10 PM
දුමින්ද ආර් සිල්වාට දුන් තීන්දුවම ලැබෙන්න ඉඩ තියෙනවා.
ගමේ එකාලා Tuesday, 29 October 2024 10:08 PM
වන් ෂොට්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා...!
Toni Wednesday, 30 October 2024 05:13 AM
දැන් ලංකාවේ අයට ටිකක් මෙයා කවුද කියලා තේරිලා තියෙන්නේ .ඒත් ඉක්මනටම අමතක වෙනවා නේ .හඬ පට ටිකක්වත් අහලා මිනිහා කවුද කියලා තේරුම් ගන්නකො