
(තිලකරත්න දිසානායක)
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂය මගින් මැතිවරණ නීති රීතීන් උල්ලංඝණය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බව සදහන් කරමින් අපේ ජනබල පක්ෂය ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකය වෙත අද (29) පෙරවරුවේ පැමිණිල්ලක් බාරදීම සිදු කළහ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක ජීවන් චතුරංග ශ්‍රීමාල් මහතා සදහන් කර සිටියේ, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂය මගින් මුදල් ලබාදීම ආදිය සිදු කරමින් කරනු ලබන නීති විරෝධී ක්‍රියාවන් සදහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් සියලු අපේක්ෂකයින් වෙනුවෙන් නීතිය සාධාරණව සලසා දෙන ලෙස ඉල්ලා සිටිමින් පැමිණිල්ල බාරදීම සිදු කළ බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූණට මේක්අප් දාලා, බොරු කොණ්ඩ දාලා සැබෑ ස්වරූපය හංගලා එන අපේක්ෂකයෙක්ව විශ්වාස කරන්න පුළුවන්ද? පටන් අරන් තියෙන්නේම බොරුවෙන්...
ජනතාව හමුවේ දේශපාලන වීරයාගේ චරිතයට පණපොවන, තමන් ජනතාව අන්දන දේශපාලනයෙන් ව්‍යුක්ත වූ ‘කියන දේ කරන - කරන දේ කියන’ සුදෝ සුදු දේශපාලකයින් ලෙසින් හඳුන්වා ගන්නා මෙන්ම ඒ කුලකයේ සිටින මෙරට එකම දේශපාලකයා තමා යැයි හඳුන්වා ගන්නා ර.රා.ගේ කෙරුවාව සුගතදාස ක්‍රීඩාංගණ නාටකයෙන් කරලියට ආවේය. එසේම, මෙවන් විගඩම් නැටීමට මොවුන්ට මුදල් ගලා එන්නේ කොහෙන්දැයි සොයා බැලීමත් අවැසියි. නඩු දාපු මහතා සිදුකර ඇති දේට පොදු ජනතාව ප්‍රණාමය පුද කළ යුතුයි. නමුත් එසේ කළා යයි කියා ඔවුන් මැති සබේ යැවීමට නම් නොසිතිය යුතුයි...!
පක්ෂයේ ප්‍රචාරක කටයුතු කරන දැන්වීමේ මුලින්ම දෙමළෙන් දෙවනුව සිංහලෙන් තෙවනුව ඉංග්‍රීසියෙන් පක්ෂයේ නම සඳහන් කරනවා නම් අපේ රටේ අපේ ජනතාවට ඔවුන්ගෙන් කුඩම්මාගේ සැලකිල්ල හෝ ඊටත් අඩු සැලකිල්ලක් කියලා ජනතාව තේරුම් ගන්නවා නම් හොඳයි. රංජන්ට කැමැති වුණෙත් මේ හේතුව නිසා... ඔහු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න වෙනවා..!
අර තමිල්නාඩුවේ විජේ එන්නේ.. අන්න ඒ වගේ විපතක් තමයි මෙයා ආවත්. ඉස්සෙල්ලාම පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටියේ සම නිෂ්පාදක තුමා හොයලා ඒ අසාධාරනේ ගැන අහන්න..
දුමින්ද ආර් සිල්වාට දුන් තීන්දුවම ලැබෙන්න ඉඩ තියෙනවා.
වන් ෂොට්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා...!
දැන් ලංකාවේ අයට ටිකක් මෙයා කවුද කියලා තේරිලා තියෙන්නේ .ඒත් ඉක්මනටම අමතක වෙනවා නේ .හඬ පට ටිකක්වත් අහලා මිනිහා කවුද කියලා තේරුම් ගන්නකො